අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේම විරෝධය

ජනපතිගේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේම විරෝධය

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සඳුදා (01)…

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සඳුදා (01) දැඩි විරෝධය පළ කළහ.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී එම සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කළ අතර එම අවස්ථාවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීහුද එක්ව සිටියහ.

පනතේ බලතල පැවැරීමට යන ක්ෂේත්‍රයේ වගන්තියේ මෙසේ සඳහන් වෙයි. "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය යැයි සලකන්නේ නම් බැංකු පනත යටතේ ඇති බලතල රාජකාරි සහ කාර්යයන් ඉටු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්ට, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිලයට නොඅඩු ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනත් ඕනෑම නිලධාරියකුට හෝ මහ බැංකුවේ එවැනි නිලධාරීන්ගෙන් සමන්විත ඕනෑම කමිටුවකට පැවරිය හැකි වන පරිදි ප්‍රතිපාදන ඇතුළත් කර ඇත." 

දැන්වීම

මෙම බලතල පැවරීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු දැඩි විරෝධය පළ කර ඇති අතර ඊට මහ බැංකු නිලධාරීන් පිිළිතුරු ලබා දී ඇත. මුදල් බලතල පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

බැංකු අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ දී මූල්‍ය අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සිදු කළ පුද්ගලයන් පත් කිරීමටද විරෝධය පළ කරන බව මන්ත්‍රිවරු පෙන්වා දුන්හ. "බැංකුවල ප්‍රධාන කොටස් හිමියන්ගේ යෝග්‍යතාව, අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ගේ සුදුසු බව’’ යන වගන්තියට අනුව අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී පත් කරන පුද්ගලයන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවෙන් වාර්තා ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (02) විවාදයට ගැනීමට නියමිත අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව සිටියේ නැත.

"අරුණ"

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිගේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේම විරෝධය | Lanka Newsweek