ජනපතිගේ මේ සූදානම හතර වරම් ගැහිල්ලකට ද..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..? මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා…
පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..?
මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාය. ජනාධිපතිවරයාගේ දකුණු පැත්තේ සිටින හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්රධානියාය. ඔහුගේ වම් පැත්තේ සිටින ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග සහයෝගීතා ආණ්ඩුවෙන් එළියට පැමිණියේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ආණ්ඩුවෙන් එළියට ආ යුතු බව කියමිනි. ජනාධිපතිවරයාටත්,හරීන් ප්‍රනන්දුටත් දකුණු පැත්තෙන් එහා කෙළවරේ සිටින මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙකි. දේශපාලන කරළියේ විවිධ පැති නියෝජනය කරන මේ සිව් දෙනා හමුවූයේ රුපියල් කෝටි 54ක වියදමින් ඉදි කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය සහ විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදීය. විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන ඇමැතිවරයා ලෙස ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කටයුතු කරන කාලයේදී මීට මුල් ගල් තැබූ අතර එය විවෘත කරන විට විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගේ බදුල්ල දිස්ත්‍රික් දේශපාලන ප්රතිවිරුද්ධවාදියා වන හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාය. මේ සිව් දෙනා එක්ව සිනා මුසුව මේ කතා කරන්නේ කුමක් ගැන විය හැකිද?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1