අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ ප්‍රකාශයෙන් මධ්‍යම අධිවේගය කොට උඩ යන ලකුණු..?

ජනපතිගේ ප්‍රකාශයෙන් මධ්‍යම අධිවේගය කොට උඩ යන ලකුණු..?

මහනුවර මිනිස්සු ඉල්ලුවේ අධිවේගයක් විනා මාර්ගය ලොකු කරන්න කියා නොවෙයි..! කඳු නොකපා කන්ද උඩරටට අධිවේග ඉදි කරන්නේ කෙසේද..? ජනපති ප්‍රකාශය ගැන එජාපෙ ස්ථාවරය මෙන්න..! මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන්…

මහනුවර මිනිස්සු ඉල්ලුවේ අධිවේගයක් විනා මාර්ගය ලොකු කරන්න කියා නොවෙයි..!

කඳු නොකපා කන්ද උඩරටට අධිවේග ඉදි කරන්නේ කෙසේද..?

ජනපති ප්‍රකාශය ගැන එජාපෙ ස්ථාවරය මෙන්න..!

දැන්වීම

ජනපතිගේ ප්‍රකාශයෙන් මධ්‍යම අධිවේගය කොට උඩ යන ලකුණු..?

මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී බදාදා (06) කළ ප්‍රකාශය හේතුවෙන් එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු  අඩාල වී එම ව්‍යාපෘතිය ඇණ හිටින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතියි.

ඊට හේතු වී තිබෙන්නේ එම අධිවේගී මාර්ගයේ “කුරුණෑගල-ගලගෙදර” කොටසේ ඉදිකිරීවලට අදාළව කොන්ත්‍රාත්තුව භාර ගැනීමට සුදානමින් සිටින ජපන් සමාගම ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසුව එම ව්‍යාපෘතියට අත ගැසීම සම්බන්ධයෙන් යළි සිතා බැලීමට ගෙන ඇති තීරණය වේ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ ජපන් සමාගම බොහෝ දුරට මේ ව්‍යාපෘතිය භාර නොගෙන සිටීමට ඉඩ තිබෙන අතර එසේ වුණොත් නියමිත කාලයට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කර කන්ද උඩරට ජනතාවගේ සිහිනය සැබෑ කිරීමට තවත් කල් ගත වනු ඇති බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ද විශේෂ අවදානය යොමුව තිබේ.     

පසුගිය සමය තුල ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිතුමතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කිරීම සහ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට තිබූ මහාමාර්ග අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිතුමනාපයේ සිදුකළ එම මාරුකිරීම් ජන සමාජය තුළ දැඩි විවේචනයට මෙන්ම කථාබහට ලක්වුනි.  තත්වය එසේ තිබියදී පසුගිය දා කොළඹ දී පැවති උත්සවයකදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පදනම් කරගෙන අග්‍රාමාත්‍යවරයා හා කිරිඇල්ල අමත්‍යවරයාව දැඩිලෙස දෝෂදර්ෂණයට ලක්කරන ලදී.  ජනාධිපතිවරයා විසින් එම දෙදෙනාව අමාන්ත්‍රණය කිරීම සඳහා උපයෝගීකර ගත්තේ කොළඹ මහත්තයා සහ නුවර මහත්තයා යන අනුවර්ත නාමයන්ගෙනි. 

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කිසිදු සැලකිල්ලක් නොලැබූ  මහනුවර නගරය මේ වන විට ශීග්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින බව පෙන්වා දෙන එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.

මේ අතර 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට විශාල ජයග්‍රහණයක් හිමි කර දීමට ඇපකැප වූ  මහනුවර ජනාතාවට කෘතගුණ දක්වනවා වෙනුවට  එම ජනතාවගේ සිහිනයක්ව පැවති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ  පොරොන්දුවක් ද  වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ඔහුම මෙලෙස අකුල් හෙළීම කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් “lankanewsweek” සමග පැවසූහ

මහනුවර ජනතාවගෙ බලාපොරොත්තුව වූයේ අධිවේගී මාර්ගයක් විනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියන ආකාරයට  කුරුණෑගල සිට මහනුවර දක්වා වූ මාර්ගය  පුළුල් කිරීම නොවන අතර  කඳු නොකපා කන්ද උඩරටට අධිවේගි මාර්ගයක් ඉදිකිරීම ගැන කතාකිරීම ප්‍රායෝගික නොවන බව ද පෙන්වා දුන් එම මැති ඇමතිවරු මේ කරුණු කාරණා පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය ද   යොමු කිරීමට කටයුතු කළ බව ද සඳහන් කළහ.

තමා බලයට පත් වූ වහාම අවුරුද්දක්මෙ ඇතුළතදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර එම මර්ගය ජනතා අයිතියට පත් කරන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිද්දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මාර්ග ව්‍යාපෘතියට විරුද්ධව කතා කරමින් ව්‍යාපෘතිය නතර කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ක්‍රියා කිරීම පිළිබඳව ද එක්සත් ජාතික පෙරමුණේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ අනුව ජනාධිපතිවරයා උත්සහ කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වී ජනතා අයිතියට පත් වීම වළක්වා, අනාගතයේ යම් දවසක මහින්ද රාජපක්ෂලා බලයට පත් වුණොත් එම මාර්ගයේ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව ඒ අයට ලබා දීමට දැයි එක්සත් ජාතික පෙරමුණ ප්‍රශ්න කර සිටියි.

එසේ ප්‍රශ්න කිරීමට හේතු වී තිබෙන්නේ කෑගල්ල,මාතලේ,කුරුණෑගල, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික් පහක් එකට යා කෙරෙන සුවිශල් සංවර්ධන ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අදාළ නිශ්චිත කාල රාමුවට අනුව අවසන් වී, ජාතික මැතිවරණයකට පෙර එම මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණොත්, එම ව්‍යාපෘතියේ සහ එමගින් ඇති වන විශාල සංවර්ධනයේ ගෞරවය එක්සත් ජාතික පෙරමුණට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම මාර්ගයේ නියමුවා වන සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාට ලැබෙන අතර එමගින් පක්ෂයට අති විශාල දේශපාලන වාසියක් හිමිවීම යැයි එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ බදාදා (06) පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය මෙසේය.

“ඔය මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයාටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නටම මම කිව්ව ඔය කඳු කපන්න එපයි කියලා. කඳු නොකපා හදන විදියත් මම කිව්වා. කඳු කපන්න අවශ්‍ය වෙන්නෙ නෑ. කුරුණෑගල ඉදලා නුවරට අදත් යන්නෙ විනාඩි 35යි. ඒ නිසා කදු මුකුත් කපන්නෙ නැතිව කුරුණෑගල ඉදලා නුවර පාර ලොකු කරලා හදන්න කියලා මම කිව්වා. අර මම කියපු ලොකු මහත්වරු දෙන්නා ඒක පිළිගත්තේ නෑ.  මම කියන ඒවා පිළිගන්න අයද මේ ආණ්ඩුවේ ඉන්නේ.”

ජනපතිගේ ප්‍රකාශයෙන් මධ්‍යම අධිවේගය කොට උඩ යන ලකුණු..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජනපතිගේ ප්‍රකාශයෙන් මධ්‍යම අධිවේගය කොට උඩ යන ලකුණු..? | Lanka Newsweek