අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ තර්ජන දුමින්ද දිසානායක නොතකයි..!

ජනපතිගේ තර්ජන දුමින්ද දිසානායක නොතකයි..!

තනතුරු නොව රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන බව ජනපතිගේ මුහුණටම කියයි..! ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේත් කොඳු නාරටියක් ඇති අය සිටින බව ඔප්පු කරයි..! (උපුල් බණ්ඩාර) තනතුරු වෙනුවෙන්…

තනතුරු නොව රට වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන බව ජනපතිගේ මුහුණටම කියයි..!

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේත් කොඳු නාරටියක් ඇති අය සිටින බව ඔප්පු කරයි..!

(උපුල් බණ්ඩාර)

තනතුරු වෙනුවෙන් නොව,ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සාමය සහ මානව හිමිකම් සුරකිමින් රට සංවර්ධනය කර ජනතාවට සෙත සලසන යහා පාලනයක් වෙනුවෙන් තමා නියත වශයෙන්ම එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ තරයේ අවධාරණය කර තිබේ.

දුමින්ද දිසානායක මහතා මේ බව කියා තිබෙන්නේ,එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට තමා ඇමති ධූර ලබා නොදෙන බවට එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (18) රාත්‍රියේ පැවැත් වූ සාකච්ඡාවේදී කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

ආණ්ඩුවට සහය පළ කිරීමට සිය කණ්ඩායමට අවසර ලබා දෙන ලෙසට හෝ පක්ෂය ලෙසම ජාතික ආණ්ඩුවට යළි එක් වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එහිදී කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට සහය නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැදී සිටිය යුතු අතර එම අවසන් තීන්දුව නොතකා ආණ්ඩුවට සහය පළ කරන කිසිවෙකුට තමා ඇමති ධූර ලබා නොදෙන බව යළි යළිත් අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ස්ථාවරයට එරෙහිව එහිදී කතා කර ඇත්තේ දුමින්ද දිසානායක මහතා පමණක් වන අතර වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා හමුවේ ඔහු මෙසේ ද කියා ඇත.

“ 2015 ජනාධිපතිවරණයේදී ඔබතුමා ජයග්‍රහණය කරවීම සඳහා,මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බැස්සේ ද තනතුරු වෙනුවෙන් නොවේ.ඒ ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සාමය සහ මානව හිමිකම් සුරකිමින් රට සංවර්ධනය කර ජනතාවට සෙත සලසන යහා පාලනයක් වෙනුවෙනුයි.

එදා වගේම අද මම මේ තීරණය ගන්නේත් ඒ යහා පාලනය,රට සහ ජනතාව වෙනුවෙන් විනා තනතුරු වෙනුවෙන් නොවෙයි.ඒක නිසා මට ඇමතිකම් දුන්නත් නැතත් මම ප්‍රතිපත්තියක් මත එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහය පළ කරනවා”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න