ජනපතිගේ ඉල්ලීම ඵල දරයි-ණය අර්බුදය විසඳන්න ජපානය පෙරට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ඉහළම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ විශේෂ සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ඉහළම පෙළේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ජපානයේ "The Yomiuri Shimbun" පුවත්පත වාර්තා කරන්නේ, එහිදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවම කර ගත හැකි මාර්ග වැනි කරුණු පිළිබඳව සහ චීන ණය පිළිබඳව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකාවට චීනයෙන් ඇති බලපෑම මැඩ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව ය.
ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අග්‍රමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු සැප්තැම්බර් මාසයේ සහභාගි වූ අවස්ථාවේදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා ඇතුළු තවත් පිරිස් සමග සාකච්ඡාවල නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සඳහා උපකාර කරන ලෙස ජපානයෙන් ඉල්ලා තිබිණ.
දැන්වීම
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට ක්‍රියාකාරීව දායක වන ලෙස ජපානය මෙරට ණය හිමි සියලු රටවල්වලින් ඉල්ලා සිටිනු ඇති බව ද එම ඉහළම පෙළේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
