අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති

ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති

සටන දිස්ත්‍රික් මට්ටමෙන් රට පුරා පුළුල් මහා ජන කතිකාව ඇරඹේ විපක්ෂ නායක පෙරමුණ ගනී (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව…

සටන දිස්ත්‍රික් මට්ටමෙන් රට පුරා 

පුළුල් මහා ජන කතිකාව ඇරඹේ

විපක්ෂ නායක පෙරමුණ ගනී 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව නීතීඥයින් විශාල පිරිසක් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව රට-ජනතාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වටා එකට ඒකරාශී වූහ.

මෙම නීතීඥයින් සජිත් ප්‍රේමදාස මහතා සමග මෙසේ එකට ඒකරාශී වූයේ, මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ඔහු රට පුරා ගෙන යාමට සැලසුම් කර තිබෙන පුළුල් මහා ජන කතිකාවට සිය සහය සහ දායකත්වය ලබා දෙමිනි. 

මෙම මහා ජන කතිකාව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉරිදා (19) ආරම්භ කෙරුණු අතර සමගි නීතීඥ සම්මේලනය එම කතිකාව සංවිධානය කර තිබිණ.

දැන්වීම

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකිරීම ඇතුළු අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව විධායකය මගින් සිදු කරන අනිසි සහ අනීතික බලපෑම් සම්බන්ධයෙන් රට-ජනතාව දැනුම්වත් කර එකට ඒකරාශී කිරීමට ද, ඒ වෙනුවෙන් රට පුරා දිස්ත්‍රික් මට්ටමෙන් මෙම මහා ජන කතිකාව සංවිධානය කිරීමට ද එහිදී ඒකමතිකව තීන්දු කෙරිණ. 

මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කලක් මුළුල්ලේ සටන් කරමින් සිටින අතර මේ මහා ජන කතිකාවත එහි කූටප්‍රාප්තිය බවට පත් විය. 

"අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා"

"මේ ක්‍රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා"

ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති

-නීතීඥ අජිත් පී පෙරේරා-  

අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ ඇති කිරීමට දරන උත්සාහයෙන් ජනපතිවරයාගේ "පුංචි මොළයේ" තරම හෙළි වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එහිදී අවධාරණය කළේය.   

උපරිමාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කරමින් ද,, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකරමින් ද ජනපතිවරයා කුමන්ත්‍රණය කරන්නේ තමාට හිතවත් විනිසුරුවන් කිහිප දෙනෙකු තව දුරටත් එම ධූරවල තබා ගැනීමට යැයි ද ඔහු චෝදනා කළේය.

රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීන විනිසුරුවන් කිසිවෙකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු කිසිම නීතීඥ සංගමයක් ද මෙවැනි ඉල්ලීමක් කර නොතිබිය දී ඒ සඳහා උත්සහ කරන්නේ කිනම් අවශ්‍යතාවයක් සහ පදනමක් මත ද යන්න පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කිව යුතු යැයි ද අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.

අග විනිසුරුවරයා ද, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය ඇතුළු රටේ සමස්ථ අධකරණ පද්ධතියේ කිසිම විනිසුරුවරයෙකු සිය ධූර කාලය දීර්ඝ කරන්නැයි ලිඛිතව හෝ වාචිකව හෝ රහසින් හෝ ජනපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි ද ඔහු තහවුරු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන බවට අග විනිසුරුවරයා තමාට ලිඛිතව දැනුම් දී ඇති බව ජනපතිවරයා කියනවා නම් වහාම එම ලිපිය ප්‍රසිද්ධ කරන්නැයි ද අජිත් පී පෙරේරා මහතා ජනපතිට අභියෝග කරමින් එහිදී පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම චේතනාන්විතව හය මසක් මුළුල්ලේ ජනපතිවරයා ප්‍රමාද කර ඇති තත්ත්වය හමුවේ එම අධිකරණවල නඩු ගොඩ ගැසී පුරවැසියන් අන්ත අසරණ වී ඇතැයි ද නීතීඥ අජිත් පී පෙරේරා මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

"වහලුන් වගේ ජීවත් වනවා ද, නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි"

"මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්‍රණය කරනවා"

"ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන්"

ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති

-ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා-

මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්‍රධාන රටේ සියලුම ඉහළ ආයතවල බලය සිය අතට ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ ඇති කිරීමට ජනපතිවරයා ප්‍රධාන රජය සූක්ෂම ලෙස කුමන්ත්‍රණය කරමින් සිටිනවා යැයි එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා චෝදනා කර සිටියේය.

ආර්ථික අර්බුදය සහ සෞඛ්‍ය ප්‍රශ්න හමුවේ එදා වේල සොයා ගැනීමට නොහැකිව ජනතාව අන්ත අසරණ වී සිටිය දී ඒ ප්‍රශ්නවලට විසඳුම් නොදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ධූර කාලය ගැන ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා යැයි ද ඔහු පැවසීය.

ජනාධිපති ප්‍රධාන රජය මෙසේ කරන්නේ සිය ඒකාධිපති-ආඥාදායක සිහිනය සැබෑ කර ගැනීම සඳහා බලතල තිබෙන පුද්ගලයින් සහ ආයතන තමා යටතේ තබා ගත යුතු නිසා යැයි ද ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.   

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පමණක් ධූර කාලය දීර්ඝ කරන්න යන්නේ ඒ අයගේ පමණක් ආයු කාලය සහ මොළයේ ධාරිතාවය වැඩි වී පහළ අධිකරණ විනිසුරුවන්ගේ සේම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ ආයු කාලය සහ මොළයේ ධාරිතාවය අඩු වී ඇති නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නැව ගිලුනාට පසුව හඬා වැළපී පළක් නොමැති නිසා ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මේ මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව සියලු එකට ඒකරාශී වී දිවි පරදුවට තබා සටන් කළ යුතු යැයි ද ශ්‍රීනාත් පෙරේරා මහතා අවධාරණය කළේය.

එසේ නොකර වහලුන් වගේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනවා ද නොඑසේ නම් රට සහ අනාගත දූ දරු පරපුර වෙනුවෙන් ඒකාධිපති-ආඥාදායක පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා ද යන්න පිළිබඳව ඔබ තීරණය කළ යුතු යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.  

"ජනපති 22 ගෙන එන්නේ අග විනිසුරුගේ ධූර කාලය දිගු කිරීමටයි"

"එදා 18 ගෙන එද්දී මහින්දට තුන් වරක් බැහැ කියා කළ සටනේ අනුර කියා කෙනෙක් ද හිටියා"

"කිසිම ආණ්ඩුවකට විශාල ජන වරමක් නොදිය යුතුයි"

ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති

- නීතීඥ කේ ඩබ්ලියු ජන රංජන-

මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී ඔහුට තෙවරක් ජනපතිකමට ඉල්ලන්න නොහැකි බව කියමින් අප එදා කළ සටනට අනුර කුමාර දිසානායක කියා කෙනෙකු ද එක්ව සිටියා යැයි නීතීඥ සහ "අනිද්දා" පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ ඩබ්ලියු ජන රංජන මහතා එහිදී හාස්‍යයෙන් යුතුව සිහිපත් කර සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න යන්නේ වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ධූර කාලය තව අවුරුදු දෙකකින් දිගු කර ගැනීම හැරුණු කොට කිසිම හේතුවක් නිසා නොවේ යැයි ඔහු පෙන්වා දුන්නේය.

කිනම් ආණ්ඩුවකට කෙතරම් විශාල ජන වරමක් ලැබුණත් ඒ ආණ්ඩුව නීතියේ පාලනය යටතේ පාලනය විය යුතු සහ ක්‍රියා කළ යුතු අතර ජන වරම යනු අනීතික ලෙස ක්‍රියා කිරීමට අදාළ ජනපතිවරයාට සහ ආණ්ඩුවට ලබා දෙන "BLANCK  CHEQUE" එකක් නොවන බව ද කේ ඩබ්ලියු ජන රංජන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ එක පාර්ශවයකට විශාල ජන වරමක් ලැබුණු විට එම පාර්ශවය කරන්නේ එම බලය අපයෝජනය කිරීම යැයි ද, මේ ආණ්ඩුව සහ ජනපතිවරයා මේ මොහොතේ කරමින් සිටින්නේත් එම අපයෝජනය යැයි ද, එම නිසා එක පාර්ශවයකට පමණක් විශාල බලයක් නොදිය යුතු යැයි ද  කේ ඩබ්ලියු ජන රංජන මහතා  වැඩි දුරටත් අවධාරණය කළේය.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න