අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිකමෙන් ඉල්ලා අස් වෙනවා යැයි මෛත්‍රී තර්ජනය කරයි..!

මීළඟ ජනපති පඹයෙක්..!

රනිල් වික්‍රමසිංහ අගමැති කරන ලෙසට බලපෑම් එපා..! සජිත්-රාජිත මෛත්‍රී එක්ක රහස් සාකච්ඡාවක..! (උපුල් බණ්ඩාර) රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට යළි පත් කරන්න යැයි තමාට දිගින් දිගටම බලපෑම් එල්ල කළ…

රනිල් වික්‍රමසිංහ අගමැති කරන ලෙසට බලපෑම් එපා..!

සජිත්-රාජිත මෛත්‍රී එක්ක රහස් සාකච්ඡාවක..!

ජනපතිකමෙන් ඉල්ලා අස් වෙනවා යැයි මෛත්‍රී තර්ජනය කරයි..!

(උපුල් බණ්ඩාර)

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට යළි පත් කරන්න යැයි  තමාට දිගින් දිගටම බලපෑම් එල්ල කළ හොත් තමා රටත් ජනතාවත් හමුවේ ප්‍රකාශයක් කර ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වන්නේ යැයි  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පවසා ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණේ  නායකයින් සමග කොළඹ ජනාධිපති කාර්යාලයේදී සදුදා (3) පැවැත්වූ අතිශය තීරණාත්මක සාකච්ඡාවේදීය.

සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික  පෙරමුණේ නායකයින්ට අවධරණය කර කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යළිත්  වතාවක් අග්‍රාමාත්‍ය ධූරයට යෝජනා කරන්නේ නම් තමා කිසිදු සාකච්ඡාවකට සුදානම් නොමැති අතර පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීන් 225 ම කියා සිටියත් තමා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි  පත් නොකරන බවය.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ගණනාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ ස්ථාවරයට එරෙහිව එහිදී කතා කරමින් කරුණු පැහැදිළි  කර දී තිබෙන අතර දෙපාර්ශවය අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව  අවසන් වී තිබේ.

දෙපාර්ශවය අතර පැවති මේ සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයින් ජනාධිපති කාර්යාලයෙන් එළියට එද්දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඔහුගේ කාර්යාලයට ගොස් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනපතිකමෙන් ඉල්ලා අස් වෙනවා යැයි මෛත්‍රී තර්ජනය කරයි..! | Lanka Newsweek