අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතා මුදල් නාස්ති කරන ලොකු ලොක්කන්ගේ රථ ගායට ජනපති වැට බඳියි

ජනතා මුදල් නාස්ති කරන ලොකු ලොක්කන්ගේ රථ ගායට ජනපති වැට බඳියි

ඇමැතිවරුන්ටයි-රාජ්‍ය අයතනවලටයි අලුතින් ගැනීම තහනම් (සුජිත් මංගල ද සිල්වා) අවුරුදු තුනක් ගත වන තුරු සියලුම අමාත්‍යවරුන්ට සහ සියලු රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි…

ඇමැතිවරුන්ටයි-රාජ්‍ය අයතනවලටයි අලුතින් ගැනීම තහනම්

ජනතා මුදල් නාස්ති කරන ලොකු ලොක්කන්ගේ රථ ගායට ජනපති වැට බඳියි

(සුජිත් මංගල ද සිල්වා)  

අවුරුදු තුනක් ගත වන තුරු සියලුම අමාත්‍යවරුන්ට සහ සියලු රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් දී තිබේ. 

ඒ අනුව සියලුම අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදු කර වඩාත් ප්‍රතිඵලදායක ලෙස ඒ වාහන කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් මේ වන විටත් ආරම්භ කර ඇත. 

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයා බැලීමක් සිදු කර ඒ ඉල්ලීම ඉටු කිරීමට ද නියමිතය.

එදා සිට මේ දක්වා රාජය සතු වාහන මෙසේ කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහ ජන මුදල් කෝටි ගණනින් නාස්ති වන තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දැඩි තීන්දුව ගෙන තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනතා මුදල් නාස්ති කරන ලොකු ලොක්කන්ගේ රථ ගායට ජනපති වැට බඳියි | Lanka Newsweek