අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජනතා ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමය මම දන්නවා

ජනතා ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් හොයන ක්‍රමය මම දන්නවා

අවුරුදු තුනක් රට වෙනුවෙන් වැඩ කළේ කිසිදු බලයක් නැතිවයි රට බංකොලොත් කළ හොරු අධිකරණය මගින් හෙළි කළේ ද සජබයයි ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් සොයන ක්‍රමය තමා හොදින් දන්නේ යැයි ද, එම ඉල්ලුමට සරිලන…

අවුරුදු තුනක් රට වෙනුවෙන් වැඩ කළේ කිසිදු බලයක් නැතිවයි 

රට බංකොලොත් කළ හොරු අධිකරණය මගින් හෙළි කළේ ද සජබයයි 

ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍ය මුදල් සොයන ක්‍රමය තමා හොදින් දන්නේ යැයි ද, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න හැකියාවක් තමාට පවතින්නේ යැයි ද, මේ තරම් කාලයක් තමා රට-ජනතාව වෙනුවෙන් වැඩ කළේ කිසිදු බලයක් නොමැතිව යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

"සක්වල" සහ "හුස්ම" යන වැඩසටහන් තෙවසරක් මුළුල්ලේ ක්‍රියාත්මක කළේ කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමකින් තොරව නමුත් මොල හතානෝලා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ නම් කොමිස් කුට්ටි පිටින් ලබා ගන්නේ යැයි ද, ඔවුන් එසේ එම කොමිස් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූවේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.  

රට බංකොලොත් කළ හොරු පවා විපක්ෂයේ සිට ඇල්ලුවේ සමගි ජන බලවේගය යැයි ද, එම නිසා බිය නොවී ගමට ගිහින් ජනතාවට මේ යථාර්ථය පැහැදිලි කර දෙන්නැයි ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියි. 

දැන්වීම

විකල්පයැයි කියා ගන්නා කණ්ඩායම් රටට-ජනතාවට කිසිවක් සිදු කර නැතැයි ද, ඔවුන් සිදු කර ඇත්තේ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරමින් බස්වලින් මිනිස්සු ගෙනවිත් රැස්වීම් පැවැත්වීම යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. 

ජනතාව යොමු විය යුත්තේ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන තැනට යැයි ද, බොරු කයිවාරුවලට හසු වුව හොත් සිදු වන්නේ නැවතත් කරදරයේ වැටීමට යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න