ජනතා අපේක්ෂා සුනු විසුණු කළ අයවැයක් ඉදිරිපත් කර ජනතා නැගීටීම් පාලනය කරන්න කම්කරු නායකයන් දඩයම් කරනවා
- විපක්ෂ නායක චෝදනා කරයි -

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයකු සේම වෘත්තීය සමිති නායකයකු ලෙස වැඩ කරන ජනතා වෙනුවෙන් සෑම විටම හඩ නගන ඛනිජ තෙල් හා බලශක්ති ක්ෂේත්රය ගැන විවිධ අදහස් ඉදිරිපත් කරන ආනන්ද පාලිත මහතා හදීසියේ අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට ඔහු වෙනුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සභික උපුල් ජයසූරිය නීතිඥතුමා ප්රමුඛ නීතිඥයන් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ආනන්ද පාලිත යනු අවංක එඩිතර මෙරට පුරවැසියන් හා ඔවුන්ගේ අයිතිය පාරිභෝගික අයිතිය වෙනුවෙන් හඩ නගන කම්කරු නායකයකු බවත් මේ වන විට රටේ ප්රජාතන්ත්රවාදයට ඇති ඉඩ හා ප්රජාතන්ත්රවාදයට ඇති අයිතිය පළුදු වෙමින් යන බවත් ප්රජාතන්ත්රවාදය සුරැකෙන සමාජය පාර්ලිමේන්තුවේ ඇති අයිතිවාසිකම් පවා අද පළුදු වෙමින් යන බවත් ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න බැරි පාර්ලිමේන්තුවක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය ආනන්ද පාලිත මහතා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ජනතා ප්‍රශ්න ගැන කතා කරන විට ඒවා හැන්සාඩ් එකෙන් ඉවත් කරන්නත් පටිගත නොකරන්නත් කතානායකවරයා ප්රමුඛ කණ්ඩායමක් කටයුතු කරන බවත් කතා කිරීමේ නිදහස භාෂණයේ නිදහස අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස පවා අහිමි වී ඇති බවත් මේ වෙනුවෙන් පෙනී සිටින්න නොහැකි බරපතල ඒකාධිපති ආඥාදායක පාලනයක් ගොඩනැගෙමින් යන බවත් එය සාමාන්‍ය ජනතාවට වෘත්තීය සමිති නායකයන්ට සේම විපක්ෂයට ද එක හා සමාන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනතා අපේක්ෂා සුණුවිසුණු කරන අයවැයක් ඉදිරිපත් කිරීම නිසා කම්කරු ජනතාව පාරට බැස්ස නිසා වෘත්තීය සමිති නායකයන් දඩයම් කරමින් යන බවත් මේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය ආයතනය හා වැඩපිළිවෙළ විනාශ කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.