මුලික සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කම්කරු නායක ආනන්ද පාලිත සිරග ත කරලා
- විපක්ෂ නායක -
ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

අප රටේ කම්කරු ජනතාව වෙනුවෙන් හඬ නැගු කම්කරු නායකයකු වන ආනන්ද පාලිත මහතා සිරගත කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අප රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම උදෙසා ලබා දී තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රජයේ මේ ක්‍රියාදාමය තරයේ හෙළා දකින බවත් ආනන්ද පාලිත යනු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටි අයකු බවත් ඔහුගේ මානව හා මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිරගත කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1