අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ”

“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ”

රට යන අත අනතුරුදායකයි..! අභිනව මහා නා හිමි තිස්ස අත්තනායක සමග කළ සංවාදය මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) වර්තමානයේ රට ගමන් කරන මඟ ඉතා අනතුරුදායක නිසා ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් වහාම රටට අවශ්‍ය…

රට යන අත අනතුරුදායකයි..!

අභිනව මහා නා හිමි තිස්ස අත්තනායක සමග කළ සංවාදය මෙන්න..!

“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ”

(සුජිත් මංගල ද සිල්වා)

වර්තමානයේ රට ගමන් කරන මඟ ඉතා අනතුරුදායක නිසා ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් වහාම රටට අවශ්‍ය යැයි සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන නා හිමියෝ අවධාරණය කළහ.

වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන නා හිමියන්  මේ බව අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඉරිදා (08) උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

තිස්ස අත්තනායක මහතාගේ ඉදිරි දේශපාලන වැඩ කටයුතුවලට ආශීර්වාද කරමින් වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන නා හිමියෝ මෙසේ ද අනුශාසනා කළහ.

රට ගමන් කරන මග ඉතා අනතුරුදායකයි.නුසුදුසුයි.ඒ නිසා ජනතාගේ අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් අවශ්‍යයි.මිනිස්සු තබා සිටි බලාපොරොත්තු සහ කළ අපේක්ෂා කිසිවක් ඉටු වී නැහැ.

නීතිය,සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන්ම බිඳ වැටී තිබෙන අතර දිනපතාම වාගේ අසන්න, දකින්න, කියවන්න ලැබෙන්නේ හොරකම්,මිනී මැරුම්,ස්ත්‍රී දුෂණ ඇතුළු අපරාධයි.

ජනතාව ඉල්ලා සිටින ඒ පරිවර්තනයට එකතු වෙන්න කියා අපේ මේ තිස්ස අත්තනායක මහතාගෙන් මම ඉල්ලා සිටිනවා.ඔබ බොහොම කාලයක් නිහඬව සිටියා.ඔබට කිසිම පදනමක් නොමැතිව දුක් කම්කටොලු කරදර සහ අසාධාරණකම්වලට මුහුණ දීමට සිදු වූ බව අප දන්නවා.

නිහඬතාවය අත හැර යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්න ඔබ ගත් තීරණය අගය කරන අතර ඔබට ආශීර්වාද ද කරනවා.රට වෙනුවෙන් මිනිස්සු ඉල්ලා සිටින තීරණයක් ඔබ ගනීවි කියා අප විශ්වාස කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“ජනතා අපේක්ෂා ඉටු වන පරිවර්තනයක් රටට ඕනෑ” | Lanka Newsweek