අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායක ධෛර්ය දෙයි

ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායක ධෛර්ය දෙයි

රජයේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය නොදුන් මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කරයි (අචින්ත මධුර) අද දින මහජන උපයෝගීතා කොමිසම මෙරට විදුලි පාරිභෝගික ජනතාව, ලක්ෂ 220ක් වූ…

රජයේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය නොදුන් මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කරයි

(අචින්ත මධුර)

අද දින මහජන උපයෝගීතා කොමිසම මෙරට විදුලි පාරිභෝගික ජනතාව, ලක්ෂ 220ක් වූ පුරවැසියන් ගැන සිතා රජය විසින් යෝජනා කළ 6.8%ක අසාධාරණ විදුලි බිල වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිය ස්තූතිය සහ ප්‍රණාමය මහජන උපයෝගීතා කොමිසමට පුද කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

එසේම විදුලි බිල වැඩි කිරිම මාස 3කට අත්හිටවූවා සේම විදුලි බිල 33%කින් අඩු කරන්න ජනාධිපතිවරණයේ දී මහමැතිවරණයේ දී සහ පළාත් පාලන මැතිවරණයේ දී වත්මන් රජයට ජන වරම් 3ක් ලබා දී ඇති බවත් එහි දී රු. 9000 බිල රු. 6000 දක්වාත් රු. 3000 බිල රු. 2000 දක්වාත් 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි වත්මන් ජනාධිපතිවරයා කියූ බවත් එම නිසා ඊට අදාළ යෝජනා මුදල් අමාත්‍යාංශයෙන් සහ විදුලි බල මණ්ඩලයෙන් ලබා ගෙන විදුලි බිල අඩු කිරිම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවත් එය රටේ විදුලි පාරිභෝගිකයන් ඇතුළු සමස්ත පුරවැසි පරපුරේ පැතුම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සේවා හා සංචාරක ඇතුළු සෑම අංශයක් වෙනුවෙන් මේ ගත් ජනතාවාදී තීන්දුවට මහජන උපයෝගීතා කොමිසමට නැවත වරක් ස්තූතිවන්ත වන බවත් ඊට අමතරව 33%කින් විදුලි බිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න