ජනතාව වහල්භාවයෙන් සහ දුප්පත්කමේ මර උගුලෙන් ගළවා ගන්නවා

වැඩිහිටි ගිණුම්වලට දුන් 15% පොළිය යළි ලබා දෙන තුරු සටන් කරනවා නැවතත් රටට ජන සවියක් අවශ්‍යයි රටේ ඇත්ත දැන ගන්න AC කාමරවල සිටින පාලකයන් ගම්වලට පැමිණිය යුතුයි දරුවන් බෙදන්න හොඳ නැහැ විපක්ෂයේ අනික් අයට…
වැඩිහිටි ගිණුම්වලට දුන් 15% පොළිය යළි ලබා දෙන තුරු සටන් කරනවා
නැවතත් රටට ජන සවියක් අවශ්‍යයි
රටේ ඇත්ත දැන ගන්න AC කාමරවල සිටින පාලකයන් ගම්වලට පැමිණිය යුතුයි
දරුවන් බෙදන්න හොඳ නැහැ
විපක්ෂයේ අනික් අයට වඩා මම වෙනස්
දූ දරුවන් සේම වැඩිහිටියන් ආරක්ෂා කිරීම, වැඩිහිටියන්ගේ ජන ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ට අදාළ රැකවරණය සහ පහසුකම් ලබා දීම ශිෂ්ඨසම්පන්න ජන සමාජයක තිබිය යුතු උතුම් ගුණාංගයක් බවත් මේ මොහොතේ ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොළී ආදායම 6% ට 8% ට පහත දමා ඇති බවත් සිය දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් ඒ වැඩිහිටි ජනතාව සිය බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.වරයා පැවසීය.
මේ වන විට එම පොළී අනුපාත භාගයකටත් වඩා අඩු කර ඇති මොහොතක සියලුම දේශපාලනඥයන් මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ නිසා වැඩිහිටියන්ට අත් වන ඉරණම ගැන අවධානය යොමු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ හඬ නඟා එම පොළිය 15% ට ලබා දෙන ලෙස යෝජනා කළ බවත් එම යෝජනාව මහා පොළොවේ යථාර්ථයක් වී ක්‍රියාත්මක වන තෙක් තමා ඒ වෙනුවෙන් හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය සංගීත උපකරණ සහ නර්තන ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
දැන්වීම
රටේ දුප්පත්කම වැඩි වී ඇති නිසා ජන සවියට සමාන වැඩ පිළිවෙළක් සමගි ජන බලවේග රජයක් යටතේ ක්‍රියාවට නංවන බවත් අපනයන ප්‍රවර්ධන වැඩසටහනටත් උත්තේජකයක් වන දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට ද දායක විය හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මෙතෙක් කල් වහල් සහ අමාරු ජීවිතයක් ගත කළ ජනතාවගේ ජන ජීවිත මහා පීඩනකාරී දුප්පත්කමේ මර උගුලින් මුදවා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන්ට වඩා තමා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් සමහර විපක්ෂයේ සිටින නායකයන් බස්වලින් සෙනඟ අද්දවා රැස්වීම් පැවැත්වීමට මුදල් ඇති නමුත් පාසලක අඩුපාඩු සකස් කිරීමට ඔවුන්ට මුදල් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් සමගි ජන බලවේගය සෙසු පක්ෂවලින් වෙනස් වන්නේ ඒ නිසා බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
අගනුවර අධි සුඛේපභෝගී ජීවිත ගත කරන පාලකයන් සහ නායකයන් දුෂ්කර පළාත්වලට ගොස් මේ පළාත්වල දූ දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් විඳින දුක තේරුම් ගත යුතු බවත් විවිධ පක්ෂ සිදු කරන සෝබන සැණකෙළිවලට සහ බොරුවට තව දුරටත් වහල් නොවන ලෙසත් රට වෙනුවෙන් දැන්වත් නිවැරදි තීරණය ගැනීම ජනතාව අතේ පවතින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ප්‍රාථමික කණිෂ්ඨ ලෙස පාසල් කොටස් කර කොටසකට පමණක් කෑම ලබා දීම සිදු නොකළ යුතු බවත් දරුවන් සියලු දෙනාටම එක හා සමානව උස් පහත් භේදයකින් තොරව සැලකිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 142 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1433ක් වැය කර තිබේ.