අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාව පීඩාවට පත්කරන ඕන කෙනෙක් එළවන්න් අපි පෙරට එනවා

ජනතාව පීඩාවට පත්කරන ඕන කෙනෙක් එළවන්න් අපි පෙරට එනවා

මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා. ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා-මාධ්‍යයේ යන කතා බොරුද? ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර…

මේ ආණ්ඩුව ණය ගන්න වේගය දැක්කම බය හිතෙනවා.

ණය ගන්නව මදිවාට දැන් සල්ලිත් අච්චු ගහනවා-මාධ්‍යයේ යන කතා බොරුද?

ණය ගන්නවාට අමතරව මේ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමද පටන් ගෙන ඇතිබව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පවසයි. ගාල්ලෙ පැවති ජනහමුවක් ඇමතමින් කරුණු දැක්වූ ඔහු පැවූවේ ආණ්ඩුවේ ගමන අවධනම් බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවටයාගේ පාලන සමයේ ණය ලාබා නොගෙන ණය කපා දැමීමට කට යුතු කරමින් රට පෙරට ගෙන ගිය බව ඔහු අවධාරණය කළේය .

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

''මේ  සල්ලි අච්චු ගහන විදිය දැක්කහම, ණය ගන්න විදිය දැක්කාම රට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට යන බව පේනවා. දැන් ඊයේ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියල තිබුණා සල්ලි අච්චු ගහලා නෑ. ණය ගත්තේ නෑ කියලා . එතකොට මාධ්‍ය කියන්නේ බොරුද. එහෙනම් මාධ්‍යට නඩු දාන්නකෝ. සල්ලි අච්චු ගහලා නැතිනම්, ණය ගත්තේ නැතිනම් බොරු දානවා කියලා මාධ්‍යට නඩු දාන්න .  

දැන්වීම

මහ බැංකුවමයි කියන්නේ අපි ණය ගත්තා කියාල. සල්ලි අච්චු ගහන්න තීන්දු කරා කියලා මහ බැංකුවමයි කියන්නේ . අපේ කාලේ අපි ණය කපලා දුන්නා. ණය ගත්ග්තේ නෑ. සල්ලි අච්චු ගැහුවේ නෑ. අපි ණය කපලා දුන්නා මෙහෙම ගිහිල්ලා රටේ ජනතාව අමාරුවේ රැටුනොත් එන්න එදාට ගෝඨා ගෝ කිව්වා වගේම අනිත් එක්කෙනාටත් ගෙදර යන්න කියන්න අපි පස්සට යන්නෙ නෑ. අපි තීන්දුවක් අරගෙන මිනිස්සුන්ව රක්ෂා කරන තැන අපි ඉන්නවා.  

 මිනිස්සුන්ගේ ඇස් වහල මේ වැඩේ කරේ. මිනිසුන් රැවැට්ටුවා ඉතිහාසයෙ මොනවයින්ද ?මිනිස්සුන්ව රැවට්යිවේ. එක එක කාලෙට අපි රැවටුනානේ. අපි දොළුකන්දෙත්  ගියා නේ රැවටිලා. අපි ධම්මික පැණිය බොන්නත් ගියේ රැවටිලා. අන්න මේ ආණ්ඩුවත් දිගින් දිගටම ජනතාව රවට්ටමින් ඉන්නවා.''

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න