ජනතාවගේ දුප්පත්කම ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව මෙන්න..!

දිළිඳු ජන ගහනය 2023 දී ලක්ෂ 70 දක්වා වැඩි වෙලා මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 30ක් දුප්පත් වෙලා ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කරලා තවත් 47%ක් කන කෑම ප්‍රමාණය අඩු කරලා පවුල් 27%ක වැඩිහිටියෝ කෑම කන්නේ…
දිළිඳු ජන ගහනය 2023 දී ලක්ෂ 70 දක්වා වැඩි වෙලා
මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 30ක් දුප්පත් වෙලා
ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කරලා
තවත් 47%ක් කන කෑම ප්‍රමාණය අඩු කරලා
පවුල් 27%ක වැඩිහිටියෝ කෑම කන්නේ නැහැ
ජන ගහනයෙන් 32%ක් කෑම බීම මිලදී ගන්නේ නිවසේ තිබෙන ඇඳන් පුටු මේස විකුණලා
ජන ගහනයෙන් 50%ක් කෑම බීම ගන්නේ කණකර බඩු උකස් තියලා
2019 දී ජන ගහනයෙන් 14%ක් එනම් ලක්ෂ 30ක් වූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජන ගහනය 2023 වෙද්දී 31%ක් එනම් ලක්ෂ 70ක් දක්වා ඉහළ ගොස් ඇතැයි "LIRNEasia" සමීක්ෂණ ආයතනය සිදු කර ඇති අලුත්ම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.
මේ අතර රටේ මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 30ක් මේ වන විට දුප්පතුන් බවට පත්ව ඇතැයි ද, රටේ ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කර ඇතැයි ද, තවත් 47%ක් කන කෑම ප්‍රමාණය අඩු කර තිබෙන අතර තවත් පවුල් 27%ක වැඩිහිටියෝ කෑම නොකා එම කෑම සිය දූ දරුවන්ට ලබා දෙන බව ද එම සමීක්ෂණ වාර්තාව කියා සිටියි.
රටේ ජන ගහනයෙන් 32%ක් කෑම බීම මිලදී ගන්නේ නිවසේ තිබෙන ඇඳන් පුටු මේස විකුණමින් යැයි ද, ජන ගහනයෙන් තවත් 50%ක් තමා ඉතිරි කර ගත් මුදල්වලින් සහ සිය රත්තරන් බඩු උගස් කරමින් හෝ විකුණමින් කෑම බීම ලබා ගන්නේ නොමැරී ජීවත් වීම සඳහා යැයි ද "LIRNEasia" සමීක්ෂණ ආයතනය කියා සිටියි.
දැන්වීම
රටේ සිටින මුළු පවුල් සංඛ්‍යාවෙන් 6%ක් සිය දූ දරුවන් පාසල් නොයවන අතර එසේ පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 2,03,000ක් බව පෙන්වා දෙන "LIRNEasia" සමීක්ෂණ වාර්තාව එම පවුල් මෙසේ සිය දූ දරුවන් පාසල් නොයවන්නේ කෑමට බීමට සහ පාසල් යාමට අත්‍යවශ්‍ය පොත්පත් මිලදී ගැනීමට නොහැකි නිසා බව ද කියා සිටියි.
එසේ පාසල් නොයන ඇතැම් දූ දරුවන් පුංචි පුංචි රැකියා එනම් කුලී වැඩවලට යොමු වී සිටින බව ද, මේ හේතුවෙන් ඒ දූ දරුවන්ගේ අධ්‍යාපනය ද බිඳ වැටී ඇති බව ද "LIRNEasia" සමීක්ෂණ වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.