අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්

ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්

(හේමන්ත තුසිත කුමාර) ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි…

(හේමන්ත තුසිත කුමාර) 

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොල හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ ඉතිහාසයේ කිසිදිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ "පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ" යන මැයෙන් කැස්බෑව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් කැස්බෑව නගරයේ සංවිධානය කර  තිබූ විරෝධතාවයකට එක්වෙමිනි. 

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

දැන්වීම

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව, ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතිනවා. ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නෑ. ගජමිතුරු කල්ලි වාදයත්, විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීමයි.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා. එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන්, නැති බැරි කමින් පීඩා විඳීමටයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් | Lanka Newsweek