ජනතාවගෙන් 85%ක ට ආණ්ඩුව එපා වෙලා

2023 ඔක්තෝබරයේ දී 9%ක් වූ ජනතා අනුමැතිය 2024 පෙබරවාරියේ දී 7% දක්වා පහත වැටිලා ජනතාවගෙන් 91%ක් කියන්නේ ආර්ථිකය දුර්වලයි කියලයි "Verité Research" අලුත්ම ජන මත සමීක්ෂණය මෙන්න..! ජනාධිපතිවරයා ප්‍රධාන…
2023 ඔක්තෝබරයේ දී 9%ක් වූ ජනතා අනුමැතිය 2024 පෙබරවාරියේ දී 7% දක්වා පහත වැටිලා
ජනතාවගෙන් 91%ක් කියන්නේ ආර්ථිකය දුර්වලයි කියලයි
"Verité Research" අලුත්ම ජන මත සමීක්ෂණය මෙන්න..!
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ වැඩ පිළිවෙළ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් 85%ක් ම කිසිසේත් අනුමත නොකරන බව "Verité Research" ආයතනය මගින් සිදු කෙරුණු නවතම ජන මත සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේදී පහළ ගොස් තිබෙන බව "රට හිතන හැටි" යන තේමාව යටතේ සිදු කළ නවතම ජන මත සමීක්ෂණයෙන් හෙළිදරව් වූ බව "Verité Research" ආයතනය පවසයි.
2023 ඔක්තෝබර් මාසයේදී 9% ක් වූ ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කෙරෙහි පැවති ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේදී 7% ක් දක්වා පහළ වැටී ඇති බව "Verité Research" මගින් සිදු කෙරුණු එම ජන මත සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.
දැන්වීම
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුර්වල තත්ත්වයක පවතින බව 91% ක ජනතාවගේ අදහස වී ඇති අතර 90%ක ප්‍රතිශතයක් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් පුරෝකථනය කර ඇත්තේ රටේ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බවය.
රටේ ආර්ථිකය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක තිබෙන බවට අදහස් දක්වා ඇත්තේ 9%ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණක් වන බව ද "Verité Research" ආයතනය සිය ජන මත සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත.