අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා

ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා

රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි රටේ කටයුතු සිදු වෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 යි රජයේ වැඩ කටයුතු ගැන තිබෙන ජනතා ප්‍රසාදය සහ අනුමැතිය 3% දක්වා විශාල වශයෙන් කඩා වැටී…

රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3%යි

රටේ කටයුතු සිදු වෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි

ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96 යි

ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා

රජයේ වැඩ කටයුතු ගැන තිබෙන ජනතා ප්‍රසාදය සහ අනුමැතිය 3% දක්වා විශාල වශයෙන් කඩා වැටී තිබෙන අතර රටේ කටයුතු සිදු වෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත් වන්නේ ජනතාවගෙන් 2%ක් පමණක් බව අලුත්ම ජන මත සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

මේ තොරතුරු හෙළිදරව් වී තිබෙන්නේ "රට හිතන හැටි" යන තේමාව යටතේ "Verité Research" ආයතනය, "VANGUARD  SURVEY" ආයතනය සමග එකට එක්ව රට පුරා සිදු කරනු ලැබූ ජන මත සමීක්ෂණයකිනි.  

දැන්වීම

රටේ ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 96ක් (-96) වන අතර ආර්ථිකය හොඳ මට්ටමක පවතින බව ප‍්‍රකාශ කර තිබෙන්නේ ජනතාවගෙන් 1.8%කි. ජනතාවගෙන් 1.3%ක් ආර්ථිකය හොඳ අතට හැරෙමින් පවතින බව ප‍්‍රකාශ කර තිබෙන අතර කිසිවෙක්වත් ආර්ථිකය විශිෂ්ට තත්ත්වයක පවතින බව ප්‍රකාශ කර නොමැත. 

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජන මතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජන මතය විමසුමට ලක් කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජනතාගෙන් සියයට අනූ හතකට ආණ්ඩුව එපා | Lanka Newsweek