ජගත් විතාන ගැන කළ ප්‍රකාශයෙන් පොලිස්පතිගේ සළුපට ආපිට අහසට

. ■ පොලිස්පතිගේ ප්‍රකාශය - මන්ත්‍රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දීලා තියනවා.නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම්…
.
■ පොලිස්පතිගේ ප්‍රකාශය - මන්ත්‍රී ජගත් විතාන මහතාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දීලා තියනවා.නමුත් මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන්.
මේ තර්ජනය මතු වී ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොවේ,යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව දැනට අනාවරණය වී තිබෙනවා.මෙම තර්ජනය නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් විවෘතව විමර්ශනයක් පවත්වනවා.
දැන්වීම
විමර්ශන කටයුතු සඳහා ලැබෙන සෑම තොරතුරක්ම පහළ මට්ටමට යොමු කරමින් කටයුතු කරනවා.ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන අවස්ථාවකදී අදාළ තොරතුරු එතුමාට ගිහිල්ලා තිබෙනවා.මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ තියනවා,ඉදිරියේදී ඔවුන් ජාතික දේශපාලනයට පවා පැමිණීමට සැලසුම් සකස් කරලා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් තියනවා.
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සාමාජිකත්වය දිය යුතුද, ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකත්වය දිය යුතුද යන්න දේශපාලන පක්ෂ විසින්ම තීරණය කළ යුතුයි.
■ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන - පොලිස්පතිවරයා නිර්ධය ලෙස මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය මගින් තමන් අපරාධ කල්ලිත් සමඟ ප්‍රශ්නයක් තියෙන බව තමන් ඒ මොහොතේයි.තමා ජීවිත තර්ජනයට ලක්ව ඇති බවට සඳහන් වන්නේ පොලිස්පතිතුමාගේම වචන වලින්.
තමන් කථානායකතුමා හරහා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩවීමක් ලෙස මෙම කාරණය ඉදිරිපත් කළ බවත් තමන්ට ලැබුණු වාර්තාවක් අනුව, නොයෙකුත් අපරාධකරුවෝ සිටින ලිස්ට් එකක් (ලැයිස්තුවක්) ඇති අතර,තමා එම ලැයිස්තුවේ 24 වැනි ස්ථානයේ සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.එසේ වුවද,චෝදනා ඇති කොටසේ තමා කිසිම චෝදනාකරුවෙක් විදිහට හුවා දක්වා නෑ.
තමාට දී ඇති ආරක්ෂාව තාවකාලික බව පොලිස්පතිවරයා සඳහන් කර ඇති බවත් “වෙඩි කන්න ඉන්න මිනිහා” තමා වන හෙයින් ඕනෑම වෙලාවක මෙම ආරක්ෂාව අයින් කරන්න.කෙසේ වෙතත්,තමන් කිසිවෙකු වැඳගෙන නොයන බවත්,යම් දේශපාලකයෙකුට හෝ කිසිම අයෙකුට මෙවැනි දේවල් සිදු නොවේවායි යන පණිවිඩය දී යනවා.
කථානායකතුමා හරහා නීත්‍යානුකූලව ආරක්ෂාව ලබා ගැනීම පිළිබඳව පොලිස්පතිවරයාට යම් ලැජ්ජාවක් හෝ පසුතැවීමක් ඇත්දැයි දන්නේ නෑ. තමන් නිවැරදි නීත්‍යානුකූල මාර්ගය අනුගමනය කළ බැවින් සමාව ගන්නට යන්නේ නෑ. පොලිස්පතිවරයා විසින් “ව්‍යාපාර කතන්දරයකුත්” ප්‍රකාශ කර ඇති බවත්,පොලිස්පතිතුමා තමාට කළු පැල්ලමක් එකතු කිරීමට උත්සාහ කර ඇති බවත් ඒ සඳහා තමන් නීතිමය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
තමා පාතාල කල්ලිත් සමඟ සම්බන්ධ කර ගස්ටනයක් ඇති කිරීමට හදන්නේ අනියමෙන් පොලිසියට කරන්න බැරි දේ පාතාල කල්ලියට ගිහිල්ලා කරවීමටදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. තමා කරපු වරද දේශපාලනය කිරීමටදැයි හෙතෙම විමසා සිටියේය
■ රටේ රාළගේ සටහන.
මේ ප්‍රකාශ දෙක කියෙව්වම ආයෙත් පේන්නේ පොලිස්පති අසරණ වෙලා තියෙන තරමයි.
පොලීසිය දේශපාලනික වෙලා තියන තරමයි.
පොලිස්පතිතුමා කියන කතාව ඇත්ත.
ඕනිම මොහොතක අපරාධකාරයෝ දේශපාලනයට පැමිණීමට ඉඩක් තියනවා.
දැනටමත් ඇවිත් ඇති.
හැබැයි ඔය කතාව කියන්න ඕනි තැන ඔතන නෙවෙයි.
මන්ත්‍රීවරයෙක් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න කියලා කතානායක හරහා පොලිස්පතිතුමාගෙන් ඉල්ලලා තියනවා.
කෙලින්ම පොලිස්පතිගෙන් ආරක්ෂාව ඉල්ලුවහම ඉල්ලපු මිනිහට වෙච්චිදේ දැක්කනේ.
එතකොට පොලිස්පති කියනවා තාවකාලිකව ආරක්ෂාවක් දීලා තියනවා කියලා.
නෑනේ තුමෝ......ආරක්ෂාව දෙන්න ඕනි ජිවිත තර්ජනයක් තමට නෑ කියලා වින්දිතයාට තහවුරු වෙනකම්.
ඒ එක්කම පොලිස්පතිවරයා ඔහුව වැරදිකාරයෙකුත් කරනවා.
ඔහු පාතාල කල්ලි එක්ක සම්බන්ධකම් තියන බව කියනවා.
පොලිසිය කලින්ම ඇඟ බේරගන්න කතාවක් මේක.
අපි ආරක්ෂාව දෙන්නං හැබැයි මැරුවොත් ඒක වෙන්නේ ඔයාගේ වැරැද්දෙන් වගේ කතාවක් නෙවෙයිද මේ කියන්නේ.
අපි පොලිස්පතිතුමාගෙන් ඕකේ අනිත් පැත්ත කරන්න කියලා ඉල්ලනවා.
විපක්ෂයේ කෙනෙක් ආරක්ෂාව ඉල්ලුවහම එයාගේ පාතාල සබඳතා ගැන කියන්න තරම් එඩිතර පොලිස්පතිතුමෙක් ඉන්න එක ගැන සතුටුයි.
ඒක සතුට තහවුරු වෙන්නත් එක්ක පොලිස්පතිතුමාට පුළුවන් නං පෝරුව දණ්ඩාවේ සනාගේ පිටිපස තියෙන දේශපාලන සම්බන්ධය රටට කියන්න.
එහෙම කිව්වොත් කවුරු නැතත් රටේ රාළ පිලිගන්නවා ඔබතුමා ස්වාධිනයි කියලා.