ඡන්ද දායකයින්ට ගම් බිම් බලා යන්න අතිරේක බස් 5800ක් යොදවයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන අතර බස් රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.…
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන අතර බස් රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරයි.
මැතිවරණ දිනයේදී දුම්රිය කාල සටහනේ වෙනසක් සිදු නොකරන බවය එම දෙපාර්තමේන්තුව පවසා සිටි අතර ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
එම විශේෂ සේවාව අනුව කොළඹ සිට පිට පළාත් සඳහා බස් රථ 1,500ක් පමණ යොදවා ඇති අතර බස් රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච් ආර්.ඩී චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.