ඡන්දයෙන් පැරදිලත් දුන් පොරොන්දු ඉටු කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ජයකාන්ත ලියනගේ) ප්‍රවීණ ලේඛකයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා සිය පෞද්ගලික වියදමින් ගාල්ල,බළපිටිය,අහුන්ගල්ලේ පිහිටි දහම් පාසැල් තුනක සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය ලබා…
(ජයකාන්ත ලියනගේ)
ප්‍රවීණ ලේඛකයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා සිය පෞද්ගලික වියදමින් ගාල්ල,බළපිටිය,අහුන්ගල්ලේ පිහිටි දහම් පාසැල් තුනක සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
මේ යටතේ අහුන්ගල්ල, සිරි විජයාරාම විහාරස්ථ සිරි සීලානන්ද දහම් පාසැල, අහුන්ගල්ල, කේෂ්ත්‍රාරාම විහාරස්ථ ශ්‍රී මහින්ද දහම් පාසැල සහ අහුන්ගල්ල, සමුද්‍රාරාම විහාරස්ථ ශ්‍රී විමලධීර දහම් පාසැල යන දහම් පාසැල්වල සිසු සිසුවියන් සදහා මෙසේ දිවා ආහාරය ලබා දීම සිදු කෙරෙන අතර මේ වැඩ පිළිවෙළ ආරම්භ කෙරුණේ මාර්තු මස 25 වැනි ඉරිදා දිනයේ යේදී තිබූ සුභ මොහොතකිනි.
ඉදිරියේදී මේ සදහා දානපතියන්ද සම්බන්ධ කර ගනිමින් මෙම වැඩ සටහන ඉදිරියටම ගෙන යන බවත් ධාන්‍ය වර්ග සහ කොළ කැද මෙසේ දිවා ආහාරය ලෙස ලබා දෙන බවත් දේ.සු. ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මෙම දහම් පාසැල් තුනම පිහිටා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බළපිටිය ප්‍රාදේශීය සභාව සදහා බෙදා වෙන් කෙරුණු අහුන්ගල්ල කොට්ඨාශයේය.බළපිටිය ප්‍රාදේශිය සභාව සදහා අහුන්ගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කළ දේ. සු. ද සොයිසා මහතා එම මැතිවරණයෙන් පරාජයට පත් විය.
පළාත් පාලන මැතිවරණයෙන් තමා ජයග්‍රහණය කර බළපිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණොත් මෙම දහම් පාසැල් තුනට නොකඩවා දිවා ආහාරය ලබා දෙන බවට දේ සූ ද සොයිසා මහතා එම මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වී තිබිණ.
පළාත් පාලන මැතිවරණයේදී දේ සු ද සොයිසා මහතා පරාජයට පත් වුණත් මැතිවරණ සමයේදී දුන් මේ පොරොන්දුව තමාට හැකි අයුරින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉටු කිරීම දකණු පළාතේ පමණක් නොව මුළු රටේම ජයග්‍රාහී සහ පරාජිත දේශපාලකයින්ට මහඟු ආදර්ශයක් බව ප්‍රදේශවාසීහු පවසති.
දේශපාලන ජයග්‍රහණවලින් පසුවද සිය පොරොන්දු ඉටු නොකරන බොහෝ පිරිස් සිටින රටක දේශපාලන පරාජයෙන් පසුවද පොරොන්දු ඉටු කරන පුද්ගලයින් මහ ජන නියෝජිතයින් ලෙස පත් කර නොගැනීම විශාල දේශපාලන අත් වැරදීමක් බව අනාගතයේදී තහවුරු වනු ඇතැයි එම දහම් පාසැල් සිසු සිසුවියන්ගේ දෙමාපියෝ ප්‍රකාශ කළහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1