චීන සහතිකය නැතිව ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සූදානම්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව චීනයේ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය මුදල අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී ලංකාවට ණය…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව චීනයේ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය මුදල අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනා ගෙන ඇති බව ජාත්‍යන්තර අරමුදල උපුටා දක්වමින් ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කර සිටියි.
විශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
දැන්වීම
කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තව දුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය මේ වන විටත් ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.