චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයට

(නිලන්ති මානෙල්) චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ. චීන සංවර්ධන බැංකුවේ එම කලාපීය මූලස්ථානය කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා…
(නිලන්ති මානෙල්)
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ.
චීන සංවර්ධන බැංකුවේ එම කලාපීය මූලස්ථානය කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා රජය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සදහා චීනයේ සහය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, චීන මහ ජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති හෙවත් චීන පාර්ලිමේන්තුවේ කතා නායක ලී ෂන්සු මහතා සමග "ZOOM" තාක්ෂණය ඔස්සේ බදාදා (01) පෙරවරුවේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී ය.
දැන්වීම
මෙහිදී චීන මහ ජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති හෙවත් චීන පාර්ලිමේන්තුවේ කතා නායක ලී ෂන්සු මහතා කියා සිටියේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන සදහා චීනය පහසුකම් සලසන අතර සමීප මිතුරකු වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපරිම සහයෝගය ලබා දෙමින් මෙම සාකච්ඡාව වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට ඇපකැප වන බවය.
COVID-19 වසංගත තත්ත්වය පහවීමෙන් පසු දෙරට අතර දූත පිරිස්වල සංචාර මගින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි වනු ඇති බවට ද චීන පාර්ලිමේන්තුවේ කතා නායක ලී ෂන්සු මහතා විශ්වාසය පළ කළේය.
