චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීම රටට පාඩුවක්

ජෛව ප්‍රමිතිය කඩිනමින් සකසනවා අර්බුදයට ලක්ව ඇති චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් රටට පාඩුවක් සිදුව ඇතැයි පිළිගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගැටලුවට හේතුවක් වූ ජෛව පොහොර…
ජෛව ප්‍රමිතිය කඩිනමින් සකසනවා
අර්බුදයට ලක්ව ඇති චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙවීමෙන් රටට පාඩුවක් සිදුව ඇතැයි පිළිගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ගැටලුවට හේතුවක් වූ ජෛව පොහොර මෙරටට ගෙන ඒම පිළිබඳ ප්‍රමිතිය සකස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරි සති කිහිපය ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
දැන්වීම
“චීන පොහොර නැව සම්බන්ධයෙන් කථා කළොත් අපිට සල්ලිත් නැහැ, පොහොරත් නෑ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. විසඳ ගන්න ක්‍රමයකුත් පේන්න නැහැ.
“මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකුත් තියෙනවා. ඒ පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා.
“මීට අමතරව අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පොහොර නැව සම්බන්ධ පාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා.
“අපේ පළමු උත්සාහය වුණේ ගෙවූ මුදල් නැවත ලබා ගැනීමයි. නමුත් එයට අනිත් පාර්ශ්වය එකඟත්වය පළ කළේ නැහැ. ගෙවූ මුදල් වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමටත් අපි උත්සාහ කළා. එයත් හරි ගියේ නැහැ.
“පවතින අර්බුද වෙන්නේ ජෛව පොහොර සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක් අපිට නැති වීමයි. කාබනික පොහොරවල හිත කර බැක්ටීරියා තිබිය යුතු වුවත් අපේ ප්‍රමිති ආයතනය කියන්නේ අදාළ පොහොර තොගය ජීවානුහරණය කර ලබා දෙන්න කියලයි. නමුත් ඒ තුළින් කාබනික පොහොරවල තිබෙන හිත කර බැක්ටීරියා සියල්ල විනාශ වී යනවා. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ ජෛව පොහොර ගෙන ඒමේ ප්‍රමිතිය අලුතින් සකස් කිරීම තුළින් මේ ගැටලුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.”