අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!

චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!

රටේ ආර්ථිකය විනාශ කළේ පී බී ජයසුන්දර අනුර කුමාරගේ හෙළිදරව්වක් විස සහිත "TSP" පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව වන අතර පිටු පස ඇතැම් ඇමැතිවරුන් සිටින බව ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක…

රටේ ආර්ථිකය විනාශ කළේ පී බී ජයසුන්දර 

අනුර කුමාරගේ හෙළිදරව්වක් 

චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..!

විස සහිත "TSP" පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව වන අතර පිටු පස ඇතැම් ඇමැතිවරුන් සිටින බව ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා  (26) හෙළි කර සිටියේය.

විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටී සාකච්ඡාවකදී බවත් මෙම විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 38ක් තිබෙන අතර ලෙඩ් කිලෝවකට මිලි ග්‍රෑම් 49ක් තිබී සොයා ගත් බවද අනුර දිසානාක මහතා සඳහන් කළේය. 

දැන්වීම

මෙම ජාවාරමට සම්බන්ධ වුණු ඇමතිවරුන් සහ නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ අනුර දිසානාක මහතා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මේ භයානක තත්ත්වය වන අතර මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බවද කියා සිටියේය. 

කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි සහ නිරවුල් විශ්වාසය මේ වැඩ පිළිවෙළ නිසා විනාශවූ බවත් රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා
අගාධයකට ඇද වැටුණු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කළේය.

රටේ ආර්ථික විනාශය පිටු පස සිටින්නේ පී.බී ජයසුන්දර මහතා බව ද, රටේ අද සිටින්නේ පී.බී ජයසුන්දර පිටු පස නැටවෙන ජනාධිපතිවරයකු බව ද සඳහන් කළ අනුර කුමාර දිසානානයක මහතා  ඒ වගේම රටේ සිටින්නේ පී.බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බව ද පැවසීය. 

පී.බී ජයසුන්දරගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයි ද, පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද අනුර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කළේය. 

ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බව ද, මේ සියලු ගනුදෙනු පිටු පස පී.බී ජයසුන්දර වන අතර ඔහු මෙම පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බව ද අනුරකුමාර දිසානායක මහතා හෙළිදරව් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
චීන අසූචි ආනයනයට අවසර දුන්නේ ජනපති..! | Lanka Newsweek