අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැසිෆික් සාගරයට ඇද වැටෙයි

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැසිෆික් සාගරයට ඇද වැටෙයි

(තෙහන්සා ලිසෑන්) ආන්දෝලනයට,සැකයට සහ භීතියට තුඩු දී තිබූ චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද (02) අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වී තිබේ. චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ සඳහන්…

(තෙහන්සා ලිසෑන්)

ආන්දෝලනයට,සැකයට සහ භීතියට තුඩු දී තිබූ චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද (02) අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වී තිබේ.

චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ සඳහන් කළේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාළිඟය හෙවත් ටියැංගොන්- 1 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපයට ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වී පැසිෆික් සාගරය මාධ්‍යට වේගයෙන් ඇද වැටුණු බවයි.

“අපේක්ෂා කළ ආකාරයෙන්ම  කිසිම උපද්‍රවයක් පෘථිවියට සිදු නොකර එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය  හිස් ප්‍රදේශයකට ඇද වැටුණා"  යැයි හාවර්ඩ් ස්මිත් සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පැසිෆික් සාගරයට ඇද වැටෙයි | Lanka Newsweek