චීනයේ වරාය නගරයක පිපිරීමක් ඇති වේ...
(හේමන්ත තුෂිත කුමාර) චීනයේ ෂැන්හයි හි වරාය නගරයේ දකුණු ප්‍රදේශයේ ඉරිදා දිනයේදී ඇති වූ පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. උදෑසන වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර…
(හේමන්ත තුෂිත කුමාර)
චීනයේ ෂැන්හයි හි වරාය නගරයේ දකුණු ප්‍රදේශයේ ඉරිදා දිනයේදී ඇති වූ පිපිරීමක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත. උදෑසන වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර චීනයේ ඉතාම කාර්යබහුල ප්‍රදේශයකදී සිදු වීම නිසා තුවාලකරුවන් ප්‍රමාණය වැඩි වී ඇත. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර ගෑස් නළයක කාන්දුවක් යැයි අනුමාන කලත් නින්ග්බෝ ගෑස් සමාගම පවසන්නේ ඒ අවට කිසිදු ගෑස් නළයක් නොමැති බවය. පිපිරීම හේතුවෙන් අවට ගොඩනැගිලි වලට හා රථ වාහන වලටද අලාභ හානි වී ඇත.
මින් පෙර 2015 දී චීනයේ ටිඅන්ජින් ප්‍රදේශයේදී රසායන ද්‍රව්‍ය නිසි ආකාරයෙන් ගබඩා නොකිරීම හේතුවෙන් ඇතිවූ පිපිරීමකින් 173 දෙනෙකු මිය ගොස් ඇත.