චාමින්ද කුලරත්න මහතාගේ ගැටලුව ගැන විමර්ෂණයේ දී සැමටම සාධාරණයක් වන ආකාරයට කටයුතු කරන්න - විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලයි ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේදී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුවේ සිදුවන සියලු කටයුතු…
සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලයි
ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේදී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුවේ සිදුවන සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කතානායකවරයා, ලේකම් මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය අතර සුහදතාවක් තුළ අදහස් හුවමාරු විය යුතු බවත් මේ තත්ත්වය තුළ බැලූ බැල්මට පෙනී යන ආකාරයට චාමින්ද කුලරත්න මහතාගේ සිදුවීමේ දී කතානායකවරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා අතර අදහස් හි පරස්පරතාවක් ඇතිව තිබෙන බවත් මෙහි දී ගනු ලබන ක්‍රියාවලිය නිර්ව්‍යාජ ආකාරයට යහපත් අරමුණකින් සිදුවිය යුතු බවත් මේ තත්ත්වය තුළ මේ ගමන ඉදිරියට යන විට අදාළ අනපනත් හා කාර්යපටිපාටියට අනුව ස්වාධීනව සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නියෝජ්‍ය ලේකම්වරයා සමවන තනතුරු ඇති බවත් මේ සමවන තනතුරුවල සිටින පුද්ගලයන් ඊට පහළ තනතුරුවල නිලධාරින් හරහා විමර්ෂණය කිරීම නෛතිකව මෙන්ම සදාචාර සම්පන්න ගැටලුවක් බැවින් ලේකම් මණ්ඩලය සහ කතානායකවරයා අතර පරස්පරතා නිසා ඉතිහාසායේ පළමු වතාවට ගැටලුවක් ඇතිව තිබෙන නිසා මේ ගැන හොද අවබෝධයක් ලබා ගෙන ප්‍රජාත්නත්‍රවාදය සුරක්ෂිත වන ලෙසත් චමින්ද කුලරත්න මහතාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.