අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

(ඉන්දික ප්‍රියන්ත) තමා ඉදිරියේදී නිරුවතින් වුවද රඟපෑමට සුදානම් බව සුරූපී නිලි ඇන්ද්‍රියා ජමීරා පවසනවා.ඇය එසේ පැවසුවේ පසුගියදා පැවති කාන්තා දින උත්සවයකට සහභාගී වෙමින්. “TARAMANI” සිනමාපටයේ රංගනය…

(ඉන්දික ප්‍රියන්ත)

තමා  ඉදිරියේදී  නිරුවතින් වුවද රඟපෑමට සුදානම් බව සුරූපී නිලි ඇන්ද්‍රියා ජමීරා පවසනවා.ඇය එසේ පැවසුවේ  පසුගියදා පැවති කාන්තා දින උත්සවයකට සහභාගී වෙමින්. “TARAMANI” සිනමාපටයේ රංගනය වෙනුවෙන් ප්‍රේක්ෂක විචාරක අවධානය දිනා ගත් නමුත්  ඇයට මේ වසරේදී කිසිදු සිනමාපටයක් සඳහා ආරාධනා ලැබී නැහැ.

කෙලින් කතා කරන නිලියක් ලෙස ප්‍රකට ඇන්ද්‍රියා ජමීරා මේ වන විට පසු වන්නේ  33  හැවිරිදි වියේයි.ගායිකාවක් ලෙස කටයුතු කරන ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් බවත් ප්‍රකට කරුණක්. “Aayirathil Oruvan” සිනමාපටයේ රංගනයෙන් ජනප්‍රිය වූ ඇය  සිනමාවට පැමිණ ගතවූ වසර 13 ඇතුළතම සිනමා පට විස්සකට වඩා රඟ පා නොතිබීමත් විශේෂත්වයක්.

දැන්වීම

මෙම වසරේදී  ඇන්ද්‍රියා ජමීරා  රඟපෑ සිනමාපට දෙකක් තිරගත වීමට නියමිත අතර,ඒ අතුරින් ඇය වඩාත් බලාපොරොත්තු  තබා සිටින්නේ “ Vishwaroopam-II” සිනමාපටය කෙරෙහියි.

“සමහර වෙලාවට මම අධ්‍යක්ෂකවරුන් කියන විදියට නටන්නේ නැතුව ඇති.ඒ නිසා මට සිනමා පට ලැබෙනවා අඩුත් ඇති.එත් මම  මගේ ඉල්ලක්කය අතාරින්නෙ නම් නෑ.හොද  සිනමා පටයක හොද චරිතයක් වෙනුවෙන් නිරුවතින් රඟපාන ඒක මට ලොකු දෙයක් නෙවෙයි” යනුවෙන් ඇන්ද්‍රියා ජමීරා වැඩි දුරටත් පවසා තිබුණා.

“මලික්-ගිගි” පෙම්කෙළිය ගිනි කෙළියක් වෙයි..!

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

ජනප්‍රිය ගායක සයින් මලික් සහ සුපිරි නිරුපිකා ගිගි හදිඩ් අතර වූ ප්‍රේම සම්බන්ධය බිඳ වැටී ඇති බව පසුගියදා වාර්තා වුණා.ඒ සම්බන්ධයෙන් දෙදෙනාම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම නිසා එම පෙම් කෙලිය මේ වන විට ගිනි කෙලියක් බවට උණුසුම් වී තිබෙනවා.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් සිත්වේදනාවට පත්ව සිටින්නේ “පිලෝ ටෝක්” ගයකයායි.ගිගි හදිඩ්  වෙත මුළු හදින්ම ආදරය කළ ඔහු ඇය සමග විවාහ වීමටද සැලසුම් කර තිබී ඇති අතර ඒ සඳහා  නිවසක් ද මිලදී ගෙන  තිබෙනවා.

වාර කිහිපයකදීම සයින්   මලික් විසින් ගිගි හදිඩ්  වෙත විවාහ යෝජනා සිදු කර ඇති නමුත් ඇය ඒ සියල්ලටම  පැහැදිළි පිළිතුරක් දී නැහැ.කෙදිනක හෝ තමා අතහැර යාමට ඇය කලින් සිටම සැලසුම් කළ නිසා ගිගි හදිඩ්  තමාට එසේ කරන්නට ඇති බවයි සයින් මලික් පවසන්නේ.

“එයා සීරියස් වැඩියි.මට ඕන  ෆන් එකේ ඉන්න...එයා  කොල්ලෙක්.ඒක නිසා මම මේ තීරණය ගත්තේ සතුටෙන්.කාටවත් කඩේ යන්න මට ඕන නෑ”සිය තීරණය මාධ්‍ය ඉදිරියේ සාධාරණිකරණය කරන  ගිගි හදිඩ්  එසේ  පවසනවා.

අමිතාබ් බච්චන්ගේ වත්කම් හෙළි වෙයි..!

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

සුපිරි ඉන්දීය  රංගන ශිල්පින් යුවළක් වන අමිතාබ් බච්චන් සහ ජයා බහදුරි දෙදෙනාගේ  වත්කම පිළිබඳව පසුගියදා  කරුණු හෙළි වුණා.ඒ ඉදිරි ඉන්දීය රාජ්‍ය සභා මැතිවරණය  වෙනුවෙන් ජයා බහදුරි  තරගකිරීමට ගත් තීරණයත් සමගයි.

මැතිවරණ අපේක්ෂක අපේක්ෂිකාවන් සියලු දෙනාම සිය  වත්කම් හෙළිදරව්  කිරීමේ ඉන්දියානු නීතියට අනුව ජයා බහදුරි  විසින් මෙසේ සිය වත්කම් හෙළිකර තිබුණා.ඊට අනුව අමිතාබ් බච්චන්ගේ සහ ජයා බහදුරිගේ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 1000ක් බව පැවසෙනවා.

මේ දෙදෙනාගේ මේ වත්කම  පසුගිය වසර හයට සාපේක්ෂව රුපියල්  කෝටි  500 කින් වැඩිවී තිබීම විශේෂත්වයක් වනවා.මිට පෙර, එනම්  2012  වසරේදී හෙළිවූ ඔවුන්ගේ වත්කම වුයේ රුපියල්  කෝටි 500 යි.මෙම වත්කම් අතරින් ඔවුන්ගේ ජංගම වත්කම් ප්‍රමාණය කෝටි 550 ට අසන්න බවත් පැවසෙනවා.

ජයා බහදුර්  මේ වන විට රංගනයෙන් බැහැරව සිටින අතර අමිතාබ් බච්චන්  බහුල වශයෙන් වෙළඳ දැන්වීම්වල පෙනී සිටීමෙන් මුදල් උපයන බවත්  සත්‍යක්.

බොලිවුඩයේ අලුත්ම ගිනි සිළුව “ගයත්‍රී” ලු..!

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

සුරූපී  නිලි  ගයත්‍රී  බොලිවුඩ් සිනමාවට පිවිසි අලුත්ම ටොලිවුඩ් නිළිය බවට පත්ව සිටිනවා.ඒ ඇයගේ  නවතම සිනමාපටය වන “RAID” සමගිනුයි.එම සිනමාපටයේ ගයත්‍රී සමග ප්‍රධාන චරිතය රඟපාන්නේ ප්‍රවීණ  බොලිවුඩ් රංගන ශිල්පී අජේ දේව්ගන් විසිනුයි.

“RAID”    සිනමාපටයේදී ඇය සමග ජනප්‍රිය නිලි ඉලේනා ඩිකෘස් ද රංගනයෙන් එක් වන අතර ඔවුන් දෙදෙනා එම චරිත සඳහා තෝරා ගැනීමට   තිර පරීක්ෂණ ගණනාවක්ම පවත්වා තිබෙනවා.කෙසේ වෙතත්“RAID” සිනමාපටයේදී  ගයත්‍රීට ලැබී ඇති චරිතය ඇය මිට පෙර රගපා තිබෙන චරිත සියල්ලටම වඩා වෙනස් එකක් වීම හේතුවෙන් ඇය  මෙම සිනමා පටය කෙරෙහි තබා ඇත්තේ ඉහළ බලාපොරොත්තුවක්.

“මේ සිනමාපටයේ මම රඟපාන්නේ දිව්‍යා කියන තරුණියකගේ චරිතයක්.ඒක වෛවර්ණ  විච්චුරණ නැති සරල ඒ වගේම ගැඹුරු චරිතයක්.ඇත්තටම මට බොලිවුඩයට එන්න මිට වැඩිය හොද අවස්ථාවක් යළි ලැබෙයිද කියල හිතාගන්නවත් බැහැ”යනුවෙන් ගයත්‍රී  පවසනවා.“RAID”  එළඹෙන අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතයි.

ඉර්ෆාන්ට ඛාන්ට මාරාන්තික පිළිකාවක්..!

“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ”

සම්මානනීය  බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්  දුර්ලභ පිළිකා  රෝගයකින් පෙළෙනන බව පසුගියදා අනාවරණය වුණා.ඔහු විසින්ම ඒ පිළිබඳව සිය රසිකයන් දැනුවත් කර තිබුණේ සිය සමාජ ජාල  ගිණුමක් හරහායි.

මුල් අදියරේදී රෝගය   එතරම් දරුණු නොවන බව පැවසුණත් පසුව  අනාවරණය වුණේ  එම පිළිකාව මාරාන්තික   බවයි.ඉර්ෆාන් ඛාන්  මේ වන විට ප්‍රතිකාර ලබන්නේ මුම්බායේ පිහිටි කොකිලබන් රෝහලේයි.

51 වන වියේ පසු වන ඔහු   ඉන්දීය සිනමාවේ සිටින විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් ලෙස සැලකෙනවා. “Hindi Medium” සිනමා පටයේ රංගනය වෙනුවෙන් පසුගියදා හොදම රංගන ශිල්පියාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු Slumdog Millionaire, Life of Pi, New York, I Love You, The Amazing Spider-Man, Jurassic World ආදී හොලිවුඩ් සිනමා පටවලටද රංගනයෙන් එක් වුණා.

එමන්ම ඔහු  පද්ම ශ්‍රී  සම්මානයද හිමි කර ගෙන ඇති අතර හොදම නළුවා සඳහා වන ඉන්දියානු ජාතික සිනමා සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
“චරිතය හොඳනම් නිරුවත ප්‍රශ්නයක් නැහැ” | Lanka Newsweek