චමුදිතට එල්ල කෙරුණු ප්‍රහාරය සාධාරණ සමාජය හෙළා දකියි

සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු ප්‍රවීන ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කෙරුණු නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් ඕනෑ
චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු

ප්‍රවීන ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කෙරුණු නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර වග කිව යුත්තන් නීතිය හමුවට පමුණු වන ලෙසත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද එම ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණියකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන අතර එහි වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.
දැන්වීම
ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස වෙත පැමිණි සන්නද්ධ මැර පිරිසක් ප්‍රහාරයක් එල්ල කරමින් සිදු කර ඇති වෙඩි තැබීම තරයේ හෙළා දකින සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් සිදු කර වග කිව යුත්තන් නීතිය හමුවට පමුණු වන ලෙසත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
වර්තාවන ආකාරයට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සඳුදා (14) උදෑසන 2.10ට පමණය. පැමිණ ඇති පිරිස සිව් දෙනෙකු යැයි කිය වෙන අතර, ඔවුන් ඔවුන් හදුනා ගැනීමට නොහැකි වන ආකාරයට කලු පැහැති කබායන් හැඳ හිස් ආවරණ පැලැඳ සිටියේ යැයි කියති. එමෙන්ම ඔවුන් පැමිණ ඇත්තේ ආයුධ සන්නද්ධව වන අතර චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා ප්‍රකාශ කරන ආකාරයට වෙඩි තැබීමක් ද සිදුව තිබේ. එමෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් පැමිණ නිවසට ප්‍රහාරයක් ද එල්ල කර ආපසු ගොස්ව ඇත්තේ සුදු පැහැති වෑන් රථයකිනි.
ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් පසුගිය යුගයේදී එල්ල වූ අමානුෂික ප්‍රහාරයන් සහ මාධ්‍යවේදින් ඝාතනය කිරීම් රැසක් ද සිදුව ඇති රටක, එමෙන්ම එම ඝාතන සහ ප්‍රහාරයන් කිසිවකට අදාළව වග කිව යුතු පුද්ගලයන් වෙත දඩුවම් ලබාදීමට අපොහොසත් වූ රටක සිදුව ඇති මෙම බිහිසුනු ප්‍රහාරය අතිශයින් බිහිසුණු ය. නිසැක වශයෙන්ම එම ප්‍රහාරය සැලකිය හැක්කේ නිදහස් අදහස් පළ කරන සමාජ සහ දේශපාලන ක්‍රියාකාරීකයන්ද ඇතුළු ජනමාධ්‍යවේදීන් වෙත එල්ල කර ඇති තවත් එක් බරපතළ තර්ජනයක් ලෙසටය.
එබැවින් මේ පිළිබදව විධිමත් සහ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වග කිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම රජයේ සේම පොලීසියේ ප්‍රමුඛ වගකීමකි. මෙම සිදු වීමට අදාළව ක්‍රියා කිරීමට යම් හෙයකින් පොලීසිය සහ අදාළ අංශ අසමත් වුව හොත් එමඟින් සමාජයට ලැබෙන පණිවිඩය වනු ඇත්තේ අතීතයේදී සිදුවූ ආකාරයේ බිහිසුණු ක්‍රියාවන්ට මේ සමාජයේ නැවතත් ඉඩකඩ විවිර වෙමින් ඇති බවය. එම තත්ත්වය අතිශයින්ම පිහිසුණු ප්‍රවනතාවකි. එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැලැක්වීම සමස්ත සමාජයටද වගකීමක් ඇති බවද මෙහිදී අපි දැඩිලෙස අවධාරණය කරන්නෙමු.
