අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චමින්ද විජේසිරි සජබයට ගහන ඇත්ත හේතුව මෙන්න..!

චමින්ද විජේසිරි සජබයට ගහන ඇත්ත හේතුව මෙන්න..!

පරාජිත සිය සහෝදරයා බදුල්ල මහා නගර සභාවට පත් කර නැහැ ඔහුගේ අලුත් දේශපාලන පක්ෂය ගැන විචාරකයින් හඳුන් වන්නේ මැස්සෙක් ගිය උඩ කියාය බොළඳ-ළදරු කතා කියන චමින්ද විජේසිරි ගැන අනුකම්පා කළ යුතුයි ගොනා හැරෙන්නේ…

පරාජිත සිය සහෝදරයා බදුල්ල මහා නගර සභාවට පත් කර නැහැ 

ඔහුගේ අලුත් දේශපාලන පක්ෂය ගැන විචාරකයින් හඳුන් වන්නේ මැස්සෙක් ගිය උඩ කියාය 

බොළඳ-ළදරු කතා කියන චමින්ද විජේසිරි ගැන අනුකම්පා කළ යුතුයි 

ගොනා හැරෙන්නේ කෙහෙල් පැළයට ද..?

සමගි ජන බලවේගය අභ්‍යන්තර සහ ජයග්‍රාහී ප්‍රතිසංවිධානයක් සිදු නොකරන්නේ නම් එහි සාමාජිකයන් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක් බිහි කරන බවට එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කරන ප්‍රකාශය  මේ වන විට හාස්‍යට සහ උපහාසයට ලක් වෙමින් තිබේ.

"lankanewsweek" පළමු වරට අවධාරණයෙන් යුතුව හෙළිදරව් කරමින් සිටින්නේ, ඔහු මෙසේ සමගි ජන බලවේගයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කරන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් අඩු මනාප ප්‍රතිශතයක් වාර්තා කළ ඔහුගේ වැඩුමහල් සොහොයුරා වන ලක්ෂ්මන් විජේසිරි මහතා බදුල්ල මහා නගර සභාවට පත් නොකර ඔහුට වඩා වැඩි මනාප ප්‍රතිශතයක් ලබා ගත් පුද්ගලයා ඊට පත් කිරීම සම්බන්ධයෙනි.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මුල සිටීම තීරණය කර තිබුණේ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා මන්ත්‍රීවරුන් පත් කරන්නේ, ගජ මිතුරුකමට හෝ මුදලට නොව ඒ ඒ අපේක්ෂකයින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයේ අනු පිළිවෙළට බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

දැන්වීම

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක් විය යුතු බවට ජනතාව කියා සිටිද්දී, සමගි ජන බලවේගයට එරෙහිව අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනගන බවට වහසි බස් දොඩමින් බොළඳ සහ ළදරු කතා කියන, දේශපාලනයේ හය හතර නොදන්නා චමින්ද විජේසිරි ගැන අනුකම්පා කළ යුතු බව දේශපාලන විචාරකයෝ අවධාරණය කරති.

එමෙන්ම දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති සහ තීන්දු-තීරණ ගැන මේ ලෝකයේ අවබෝධයක් ද, දේශපාලනය ගැන ද, ඒ ගැන පළපුරුද්දක් ද නොමැති චමින්ද විජේසිරි අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනගා එහි නායකයා වන්නේ නම් ඒ තරම් විහිළුවක් තිබෙන්නේ දැයි ප්‍රශ්න කරන එම දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එම තත්ත්වය හඳුන් වන්නේ මැස්සෙක් ගිය උඩ කියාය,      

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න