චන්ද්‍රිකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(රංජිත් ගුණවර්ධන) හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරියක් ලෙස පාර්ලිමේනතුවට පත් කොට ජාතික සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු පිළිබද තම අමාත්‍යංශයක් පිහිටුවා එම අමාත්‍ය…
(රංජිත් ගුණවර්ධන)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරියක් ලෙස පාර්ලිමේනතුවට පත් කොට ජාතික සංහිදියාව සහ ව්‍යවස්ථා කටයුතු පිළිබද තම අමාත්‍යංශයක් පිහිටුවා එම අමාත්‍ය ධුරය ඇයට පිරිනැමීමට යන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර මේ සම්බන්දයෙන් එකගතාවයක් ඇති වී තිබෙන බවද දැනගන්නට තිබේ. ඒ සදහා දැනට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි සහ අන්ගජාන් රාමනාදන් යන මහත්වරුන් සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති අතර ඒ අනුව ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉවත්වන මනන්තී‍්‍රවරයාට ඉහළ පෙළේ විදේශ රටක විදේශ තානාපති තනතුරක් ලබා දීමටද තීරණය වී ඇති බවද වාර්තා වේ.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1