අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“චන්ද්‍රිකා කල්ලිය” එජාපය ආක්‍රමණය කරයි..!

“චන්ද්‍රිකා කල්ලිය” එජාපය ආක්‍රමණය කරයි..!

මෛත්‍රීගෙන් කැපුණු චන්ද්‍රිකා "රනිල්" තුරුම්පුව අදියි..! මලික්-සාගල චන්ද්‍රිකාට කඩේ යයි..! මංගලට-ජයම්පතිට-දුමින්දට චෝදනා..! එජාප ජ්‍යෙෂ්ඨයින්-පසු පෙළ රහසේ සංවිධානය වෙයි..! (රසික මහගෙදර) එක්සත් ජාතික…

මෛත්‍රීගෙන් කැපුණු චන්ද්‍රිකා "රනිල්" තුරුම්පුව අදියි..!

මලික්-සාගල චන්ද්‍රිකාට කඩේ යයි..!

මංගලට-ජයම්පතිට-දුමින්දට චෝදනා..!

එජාප ජ්‍යෙෂ්ඨයින්-පසු පෙළ රහසේ සංවිධානය වෙයි..!

“චන්ද්‍රිකා කල්ලිය” එජාපය ආක්‍රමණය කරයි..!

(රසික මහගෙදර)

එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදරිපත් කිරීමේ අවශ්‍යතාවය තිබෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධාන ජයම්පති වික්‍රමරත්න,මංගල සමරවීර සහ දුමින්ද දිසානායක යන කණ්ඩායමට බව එම පෙරමුණේ නායකයින් තිදෙනෙක් “lankanewsweek” සමග හෙළි කළහ.

අනන්‍යතාවය හෙළි නොකරන කොන්දේසිය සහ එකඟතාවය මත,  ජනපති අපේක්ෂකයා සම්බන්ධ එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර තත්ත්වයට අදාළව, “lankanewsweek” එම දේශපාලන නායකයින් තිදෙනා සමග වෙන වෙනම  කළ රහස් සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන අභ්‍යන්තර තත්ත්වය,දේශපාලන කුමන්ත්‍රණ සහ ගනු දෙනු පිළිබඳව කරුණු දක්වමින් ඒ අය කළ හෙළිදරව්ව මෙසේය.

“එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද සමස්ථ පාක්ෂිකයින්ගේ ද බහුතරයේ ස්ථාවරය වන්නේ 2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නොවන අලුත් අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අතර ඕනෑම කොන්දේසියකට යටත් වුණත් කිසිදු තත්ත්වයක් යටතේවත් පක්ෂයෙන් පිට පුද්ගලයකුට යළි කිසිදු අවස්ථාවක් නොදිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ මේ ස්ථාවරය නොතකා කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමට උත්සහ කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රධාන ජයම්පති වික්‍රමරත්න,මංගල සමරවීර සහ දුමින්ද දිසානායක කල්ලියයි.

ඒ වෙනුවෙන් චන්ද්‍රික බණ්ඩාරනායක විශේෂ සහ රහස් දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර මේ කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයෙන් සහය ලබා දෙන්නේ මලික් සමරවික්‍රම,සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් පමණයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායකට අවශ්‍ය වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කර මංගල සමරවීර මහතා අගමැති කර ගනිමින් මෛත්‍රීපාල සිරිසේනගෙන් පසුව දුමින්ද දිසානායක හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ද  අල්ලා ගෙන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙහෙයවමින් රටේ නොනිල සහ තිරය පිටු පස නායකයා ලෙස ක්‍රියා කිරීමේ නොනිමි ආසාව නිසයි.

රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ඊට එරෙහිව පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මතු කර, රනිල් වික්‍රමසිංහ මහතාට  කිසිසේත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් විශේෂ ලිපියක් ද ලියා තබා දේශපාලන වශයෙන් කලකිරී එදා විදේශ ගත වූ මංගල සමරවීර මහතා 2020 ට රනිල් වික්‍රමසිංහ සුදුසු බව කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ මෙහෙයවීම මතයි.

1994 සහ 2005 ජනාධිපතිවරණ පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයටත් නුසුදුසු වූයේ නම් මංගල සමරවීර කියන හැටියට 2020 ජනාධිපතිවරණය සඳහා සුදුසු වන්නේ කෙසේ ද ? මේ අය මේ සැරසෙන්නේ තාර්කික සහ පදනමකින් තොර උපකල්පනයක් මත දේශපාලන වශයෙන් අතිශය අනතුරුදායක අත්හදාබැලීමක් කිරීමට නොවේ ද ?

මේ දේශපාලන කුමන්ත්‍රණ සහ අනතුරුදායක අත්හදාබැලීම්වලින් අසාර්ථක වුණොත් එහි වන්දිය ගෙවීමට සිදු වන්නේ චන්ද්‍රික කුමාරතුංග මහත්මිය ඇතුළු කණ්ඩායමට නොව එක්සත් ජාතික පක්ෂයට සහ උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයින්ටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වන විට සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ උත්සහ කරන්නේ තමා ගහන පදයට එක්සත් ජාතික පක්ෂය නැටවීමටයි.

එතුමිය ජනාධිපතිවරයාගෙන් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ ද සිය දේශපාලන න්‍යාය පත්‍රයට සහ අවශ්‍යතාවලට අනුව ඔහු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමට ද අනවශ්‍ය මැදිහත්වීම් වගේම ඇඟිලි ගැසීම් සිදු කළ නිසයි.

හිටපු ජනාධිපතිනිය හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයට වේලාවක්වත් ලබා නොදෙන තත්ත්වයක් උදා වී තිබෙනවා.ඒ වගේම ඇයගේ තවත් හොඳම ගෝලයකු වන දුමින්ද දිසානායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ ජයම්පති වික්‍රමරත්න මහතා මේ කණ්ඩායමට සිය උපරිම සහය ලබා දෙමින් කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමට උත්සහ කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල වගේම ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,මානව හිමිකම් සහ සාමයට මුවා වී රටට අත පොවන විදේශීය ඇතැම් බලවේගවල අවශ්‍යතා ඉටු කර ගැනීමයි.

එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ ප්‍රශ්න,අවශ්‍යතා,ඉල්ලීම් සහ හද ගැස්ම ගැන ඔහුට කිසිදු හැංගීමක් නැත්තේ ඔහු එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන නිසා වන අතර ඒ ගැන ඔහුට දොස් කීමෙන්නුත් පළක් නැහැ.

එක්සත් ජාතික පාක්ෂිකයින් නොවන චන්ද්‍රික බණ්ඩාරනායක ප්‍රධාන කණ්ඩායමට සිය පෞද්ගික දේශපාලන න්‍යාය පත්‍ර සහ අවශ්‍යතා මත පක්ෂයත් නායකයනුත් පාක්ෂිකයනුත් මෙහෙය වන්න අප ඉඩ තබන්නේ නැහැ”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
“චන්ද්‍රිකා කල්ලිය” එජාපය ආක්‍රමණය කරයි..! | Lanka Newsweek