අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය මෛත්‍රී හෙළි කරයි

චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය මෛත්‍රී හෙළි කරයි

තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට රැගෙන යාමට යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතා පෙන්වා…

තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධූරයේ කටයුතු කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට රැගෙන යාමට යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාලන සිරිසේන මහතා පෙන්වා දෙයි. 

මෙම කුමන්ත‍්‍රණය පසු පස සිටින්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යැයි ද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර සිටියි.

ඒ කෙසේ නමුත් තමා මේ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ගොස් යළි කරුණු කියා නිවැරදි තත්ත්වය පැහැදිලි කර අභියාචනයක් ඉදිරිපත් කරමින් සාධාරණය ඉටු කර ගන්නා බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියි. 

උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාකයන්ට, පාක්ෂිකයන්ට සහ ජනතාවට කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කුමන්ත්‍රණය හෙළි කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය මෛත්‍රී හෙළි කරයි | Lanka Newsweek