චතුර සේනාරත්න අගමැති සමග තීරණාත්මක සාකච්ඡාවක..?

(සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මනත්‍රී චතුර සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (19) සිදුව…
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මනත්‍රී චතුර සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (19) සිදුව තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ චතුර සේනාරත්න මහතා අතර ඊයේ (19) පැවති මේ සාකච්ඡාව පුරා පැය 1 ½ ක් පමණ ඇදී ගොස් ඇති අතර එහිදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඇතුළු විශේෂ සහ තීරණාත්මක දේශපාලන කරුණු කරණා රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
දැන්වීම
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මේ සාකච්ඡාවට පැමිණ තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැඳවීමට අනුව වන අතර මේ හමුවට පෙර අගමැතිවරයා පසුගිය සිකුරාදා (16) සවස චතුර සේනාරත්න මහතා සමග දුරකතනයෙන් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
විශ්වාස භංග යෝජනාව සාර්ථක අවසානයක් කරා පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව සුළුවෙන් නොසිතා එක්සත් ජාතික පක්ෂයටත් තමාටත් අයහපතක් නොවන ලෙස නිවැරදි සහ සාධාරණ තීන්දුවක් ගන්න යැයි චතුර සේනාරත්න මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එහිදී විශේෂ ඉල්ලීමක් කර ඇත.