අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චණ්ඩ සුළි කුණාටුවක් අත ළඟ - කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවෙන් රතු එළියක්

චණ්ඩ සුළි කුණාටුවක් අත ළඟ - කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවෙන් රතු එළියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම් ගිනි­කො­න­දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ­ශයේ පැවති ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණා­ටුව හෙට (28) දිනයේ චණ්ඩ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අනතුරු ඇඟවීම්  

ගිනි­කො­න­දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ­ශයේ පැවති ගැඹුරු පීඩන අව­පා­තය සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය වීමෙන් ඇති වූ ‘මොන්තා’ සුළි කුණා­ටුව හෙට (28) දිනයේ චණ්ඩ සුළි කුණා­ටු­වක් දක්වා වර්ධ­නය විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු හඟ­වයි.

එම සුළි කුණා­ටුව ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩ­බිම දෙසට ගමන් කිරී­මට බොහෝ දුරට ඉඩ ඇති බව කාර්යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැව­සීය.

මේ තත්ත්වය හේතු­වෙන් මධ්‍යම කඳු­ක­රයේ බට­හිර බෑවුම් ප්‍රදේ­ශ­ව­ලත් බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, දකුණ, උතුර, උතුරු-මැද, වයඹ පළා­ත්ව­ලත්, ත්‍රිකු­ණා­ම­ලය සහ මඩ­ක­ළ­පුව දිස්ත්‍රි­ක්ක­ව­ලත් පැ.කි.මී. 50-60ක් පමණ විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව තද සුළං පිළි­බ­ඳව අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

දැන්වීම

එමෙන්ම උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැඟෙ­න­හිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේ­ශ­වල, නැවත දැනුම් දෙන­තුරු ධීවර සහ නාවික කට­යු­තු­ව­ලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේ­ශයේ ධීවර කට­යු­තු­වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේ­ශ­ව­ලින් ඉවත් වන ලෙසත් උප­දෙස් දෙනු ලැබේ.

නැවත දැනුම් දෙන­තුරු, කන්ක­ස­න්තු­රය සිට ත්‍රිකු­ණා­ම­ලය හරහා මඩ­ක­ළ­පුව දක්වා වෙර­ළට ඔබ්බෙන් වන නොගැ­ඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රි­තව ධීවර සහ නාවික කට­යු­තු­ව­ලන් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

ගාල්ල සිට හම්බ­න්තොට හරහා පොතු­විල් දක්වා වෙර­ළට ඔබ්බෙන් වන නොගැ­ඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රි­තව ධීවර සහ නාවික කට­යු­තු­වල යෙදෙන ප්‍රජාව, මේ පිළි­බ­ඳව අව­ධා­න­යෙන් පසු­වන ලෙස ද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ඉල්ලා සිටිනු ලැබේ.

මේ ගැඹුරු පීඩන අව­පා­තය ඊයේ (26) උදෑ­සන 5.30 පමණ වන විට ත්‍රිකු­ණා­ම­ල­යට කිලෝ­මී­ටර 720ක් පමණ දුරින් ඊසාන දෙසින් කේන්ද්‍ර­ගත වී පැව­තුණි. ඊයේ (26) පෙර­වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂා­ප­ත­නය ලෙස මි. මී. 55.3ක් මීග­මුව ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය.

අද (27) දිනයේ උතුරු, උතුරු-මැද, බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම සහ වයඹ පළා­ත්ව­ලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක්ක­ව­ලත් විටින් විට වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇති වේ.

ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති­විය හැකි තාව­කා­ලික තද සුළං­ව­ලින් සහ අකු­ණු­ව­ලින් සිදු වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ජන­තා­ව­ගෙන් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කාරු­ණි­කව ඉල්ලා සිටිනු ලැබේ.

පව­තින අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් ඊයේ (26) පෙර­ව­රුව වන විට දිස්ත්‍රික්ක 18ක පවුල් 7407ක පුද්ග­ල­යන් 29,458ක් බල­පෑ­මට ලක්වී සිටි බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කළේය.

පසු­ගිය 18 වැනි දින පමණ සිට තද සුළං, තද වැසි, ක්ෂණික ගංව­තුර, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම්, නාය යෑම්, අකුණු අන­තුරු හේතු­වෙන් දිව­යි­නට මේ ආපදා තත්ත්වය ඇතිවී තිබේ. මේ තත්ත්වය හේතු­වෙන් ඊයේ (26) පෙර­ව­රුව වන විට මිය යෑම් 04ක් සිදු වී ඇත.

තුවාල ලැබූ සංඛ්‍යාව 02කි. පූර්ණ නිවාස හානි දෙකක් වන අතර, අර්ධ නිවාස හානි 759කි. ඥාති නිවාස වන පවුල් 49ක පුද්ග­ල­යන් 202ක් සිටිති. ආර­ක්ෂක ස්ථාන 02ක පවුල් 11ක පුද්ග­ල­යන් 45ක් සිටින බව ද ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය නිකුත් කළ වාර්තාවේ සඳ­හන් වේ. රාජාං­ග­ණය, කලා­වැව, අංග­මුව, දැදුරු ඔය, පොල්ගොල්ල ජලා­ශ­වල වාන් දොරටු ඊයේ පෙර­ව­රුව වන විට විවෘ­තව තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න