ඝාතකයින් දෙදෙනෙකු රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) අම්බලන්ගොඩ සමූපකාර මන්දිරය අසලදි පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැරකකරුවන් දෙදෙනා 2017 නොවැම්බර් මස 27 වන දින දක්වා තවදුරටත්…
(ජයකාන්ත ලියනගේ)
අම්බලන්ගොඩ සමූපකාර මන්දිරය අසලදි පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැරකකරුවන් දෙදෙනා 2017 නොවැම්බර් මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය ඊයේ (17) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කර පරීක්ෂණ වල ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් මීලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්තුමිය මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය අංක 4274 යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
දැන්වීම
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නාමල්පුර, දංගලලන්ද, කටුවන ලිපිනයේ පදිංචි දෙහිගස්පේ කැලූම් ප‍්‍රසන්න (19) සහ කොබෙයිතුඩුව, බටපොළ ලිපිනයේ පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් (31) යන දෙදෙනාය.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ අංක - 35 සී, පටබැදිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කළුගලහේවා තුසන්ත (35) නැමැති අයයි.
සැකකරුවන් දෙදෙනා සහ මියගිය අය මුහුදු රස්සාවේ යන පුද්ගලයින් බවත් පසුගිය 2017 අගෝස්තු 22 දින තිදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මියගිය අය එම අවස්ථාවේදීම බළපිටිය මූලික රෝහලටත් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇති අතර කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් 01 දා මියගොස් තිබේ.
මියගිය අටට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණය බළපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතීඥ ලක්ෂ්මී මහත්මිය විසින් හා පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වා තිබේ.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.