ගෝලීය උණුසුම පාලනය නොකළ හොත් අභියෝග රැසක්

කරු ජයසූරිය නේපාලයට සිය ශෝකය පළ කරයි පෘථිවි තලය රැක ගමු ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලය වෙත ගොස් නේපාලයේ ලැංටෑං (Langtang) ජාතික වනෝද්‍යාන කලාපයේ සිදු වූ හදිසි…
කරු ජයසූරිය නේපාලයට සිය ශෝකය පළ කරයි
පෘථිවි තලය රැක ගමු
ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලය වෙත ගොස් නේපාලයේ ලැංටෑං (Langtang) ජාතික වනෝද්‍යාන කලාපයේ සිදු වූ හදිසි ග්ලැසියර කඩා වැටීම සහ ඒ ආශ්‍රිතව හට ගත් විනාශකාරී ක්ෂණික ගංවතුර තත්ත්වයෙන් මිය ගිය සහ විපතට පත් ජනතාව වෙනුවෙන් සිය ශෝකය පළකළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි කරු ජයසූරිය මහතා, තානාපති කාර්යාලයේ තබා තිබූ විශේෂ ශෝක සටහන් පොතේ සිය අත්සන තබමින් විපතට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමස්ත නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවගේ බලවත් සංවේගය සහ සහයෝගීතාව පළ කර සිටියේය.
එමෙන්ම, මෙම අසීරු අවස්ථාවේදී නේපාල රජය සහ එරට ජනතාව මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව නිරතුරුවම මිත්‍රශීලී නේපාලය සමඟ රැඳී සිටින බවත්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කාර්යයන් සාර්ථකව සිදු කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
දැන්වීම
චීන–නේපාල දේශසීමාව ආසන්නයේ හටගත් මෙම දැවැන්ත සුන්බුන් ප්‍රවාහය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 900කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව විශාල දේපළ හානියක් සිදුව තිබේ. 4200කට අධික පිරිසක් අතුරුදන් වී ඇති අතර ඒ අතරට විදේශ රටවල් 35ක පමණ සංචාරකයින් 350ක පමණ පිරිසක් ද සිටී.
උමඟක සිරවී සිටින පිරිස් බේරාගැනීම සඳහා ආරක්ෂක අංශ සහ ගලවාගැනීමේ කණ්ඩායම් ජීවිත අවදානම නොතකා සිදුකරන මෙහෙයුම් මෙන්ම, විදුහල්පතිවරයා ගත් ක්ෂණික තීරණයෙන් පාසල් සිසුන් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීම වැනි ක්‍රියාවන් කරු ජයසූරිය මහතාගේ ඇගයීමට ලක්විය.
තව දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් මෙවන් විපත් ඇතිවීම සාමාන්‍ය කරුණක් නොවන බවත්, ඒ සඳහා සමස්ත රාජ්‍යයන්හි (ලෝක නායකයින්ගේ) අවධානය මේ මොහොතේ හෝ ඉතා ඉකමණින් යොමු විය යුතු බව අවධාරණය කළේය.
තාක්ෂණිකව පෙරළි කරන ලෝකයේ ගෝලීය උෂ්ණත්වය පාලනය කරමින් මිනිසාට හිතකර පරිසරයක් ගොඩනැඟීම සඳහා යොමු විය යුතු බවත්, තාක්ෂණයට, නව නිපැයුම්වලට, කාර්මික නිෂ්පාදනයන්ට වැය කරනු ලබන මිලියන බිලියන ගණනින් වූ පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් හෝ ඒ හා සමාන අවධානයක් ගෝලීය උෂ්ණත්වය පාලනයට යොමු නොකළහොත් ඉදිරියේ දී මිනිසාට ජීවත් වීමට ඇති පෘථිවි තලය දැවැන්ත අභියෝගයන් රාශියකට මුහුණ දෙනු ඇතැයි ද අනතුරු හැඟවීය.
