අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟ වනවා

ගෝඨා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟ වනවා

වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි විපක්ෂ නායක අවධාරණය කරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවූවා සේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එම සත්‍ය සඟවන බවත් කෙසේ හෝ එහි සත්‍ය…

වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි 

විපක්ෂ නායක අවධාරණය කරයි 


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවූවා සේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එම සත්‍ය  සඟවන බවත් කෙසේ හෝ එහි සත්‍ය හෙළිදරව් කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චැනල් 4 වීඩියෝව ගැන සොයා බැලීමට රජය පත් කිරීමට යන අලුත් කමිටුව පිළිබඳ කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සේම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වල සාමාජිකයන්ද අප්‍රසාදය පළ කර ඇති බවත්, මෙලෙස කමිටු පත් කිරීම මගින් සිදු වන්නේ, සත්‍ය වසන් කිරීම බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සඳුදා (18) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ සිටින සියලු ආගමික අන්තවාදීන් වග කිව යුතු අතර ඔවුන් නිසා මෙරට ජාතික ආරක්ෂාව අහිමි වූ බවය.

දැන්වීම

මෙම ප්‍රහාරයේ සත්‍ය සොයා නොගත හොත් එම තත්ත්වය ඉදිරියේදී ද රටේ ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල කරන බවත්, ඒ හේතුවෙන් ආගම් සහ ජනවර්ග අතර ඇති අවිනිශ්චිතභාවය සහ සැකය දුරලීම සඳහා සුබවාදී පියවරයන් ගත යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මෙම ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර ගැනීමට, දේශීය පරීක්ෂණයක් ප්‍රමාණවත් වුවත්, පසුගිය සමයේ සිදුවූ සිදුවීම් දෙස බලන විට, දේශීය පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති නිසා ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් තමන්ද ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟ වනවා | Lanka Newsweek