ගෝඨා නිසා රටට අහිමි වූ බදු ආදායම බිලියන 1800ක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගෙවුණු වසර තුන ඇතුළත දී රජයට රුපියල් බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගෙවුණු වසර තුන ඇතුළත දී රජයට රුපියල් බිලියන 1800ක බදු ආදායමක් අහිමි වී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනයේ දී දළ වශයෙන් වසරකට අහිමි වී ඇති බදු ආදායම බිලියන 600ක් වන අතර එම මුදල රටේ වාර්ෂික ආදායමෙන් තුනෙන් එකක් වන බව ද විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ඉහළ ආදායම් උපයන පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීම සඳහා 2019 වසරේදී සකස් කර තිබූ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ නම් රට අභ්‍යන්තරයේ මෙවැනි ආර්ථීක ගැටලුවක් පැන නොනගින බව ද, හිටපු ජනාධිපතිවරයාගේ නොමග යාම නිසා එම බදු ප්‍රතිපත්තිය ඉවත් කර දැමූ බව ද හෙතෙම අවධාරණය කර සිටියි.