අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨා චීනයෙන් ඉගෙන ගනිද්දී පාඨලීට ඇමරිකාව උගන්වයි..!

ගෝඨා චීනයෙන් ඉගෙන ගනිද්දී පාඨලීට ඇමරිකාව උගන්වයි..!

ඇමරිකාව-චීනය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..! (සුජිත් මංගල ද සිල්වා) ජාතික හෙළ උරුමයේ නායක,මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශේෂ අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇමරිකා…

ඇමරිකාව-චීනය ශ්‍රී ලංකාව ගැන අවධානයෙන්..!

ගෝඨා චීනයෙන් ඉගෙන ගනිද්දී පාඨලීට ඇමරිකාව උගන්වයි..!

(සුජිත් මංගල ද සිල්වා)

ජාතික හෙළ උරුමයේ නායක,මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශේෂ අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ  “හාවර්ඩ්” විශ්ව විද්‍යාලයට ඇතුළත්ව  සිටියි.

ඇමරිකානු රජයේ මැදිහත්වීම මත මේ විශේෂ පාඨමාලාව හැදෑරීම සඳහා පාඨලී චම්පික රණවක මහතා “හාවර්ඩ්” විශ්ව විද්‍යාලයට ඇතුළත් වී තිබෙන්නේ අප්‍රේල් මස 17 වැනිදා වන අතර සිය අධ්‍යන කටයුතු අවසන් කිරීමෙන් පසුව ඔහු මේ මස 28 වැනිදා  ශ්‍රී ලංකාවට යළි  පැමිණීමට නියමිතය.

ඇමරිකානු රජයේ මැදිහත් වීමෙන් වැඩිදුර අධ්‍යන කටයුතු සඳහා  පාඨලී චම්පික රණවක මහතා මෙසේ  ඇමරිකාවේ “Harvard” විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයේ මැදිහත්වීම මත එරට  “Hunan International Economics University” විශ්ව විද්‍යාලයට ඇතුළු වී රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳව විශේෂ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින අතර තුර දී ය.

මේ සිද්ධිය පිළිබඳව දේශපාල ක්ෂේත්‍රයේ විශේෂ අවධානය යොමු  වී තිබෙන අතර මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව ඇමරිකාව සහ චීනය කෙතරම් අවධානයකින් සහ සැලකිල්ලකින් යුතුව සිතනවා ද යන්න පිළිබඳව  යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨා චීනයෙන් ඉගෙන ගනිද්දී පාඨලීට ඇමරිකාව උගන්වයි..! | Lanka Newsweek