අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨා ගැන හොයන්න ඇමරිකාවෙන් ඇවිත්..!

ගෝඨා ගැන හොයන්න ඇමරිකාවෙන් ඇවිත්..!

(සුජිත් මංගල ද සිල්වා) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරමින් කරුණු සොයා බැලීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය…

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරමින් කරුණු සොයා බැලීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ ඉහළ පෙළේ  නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව එල්ල වී තිබෙන සියලු චෝදනා සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරමින් සිටින එම නිලධාරීහූ ඔහුගේ දේශපාලන භූමිකාව පිළිබඳව ද කරුණු සොයා බලමින් සිටිති.

එමෙන්ම විවිධ අසාධාරණයන්ට,බලපෑම්වලට,තර්ජනවලට සහ ප්‍රහාරයන්ට ලක්වූ බව කියන විවිධ පාර්ශව සමග ද ඝාතනයට ලක්වූ බව කියන අයගේ පවුල්වල සාමාජිකයින් සමග ද මේ නිලධාරීහූ අදහස් සහ යෝජනා හුවමාරු කර ගැනීමට නියමිත සිටිති.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමරිකානු තානාපති රොබර්ට් හිල්ටන් මහතා ප්‍රධාන ජර්මානු සහ කැනඩා තානාපතිවරුන් සමග කොළඹ තරු පහ හෝටලයකදී සඳුදා (30) රාත්‍රියේ පැවැත් වූ විශේෂ සහ රහස් සාකච්ඡාවේදී ද ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් මෙසේ කරුණු සොයා බලන්නේ සිය ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කර දෙන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත්‍රයට අදාළවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨා ගැන හොයන්න ඇමරිකාවෙන් ඇවිත්..! | Lanka Newsweek