ගෝඨා ගැන නිල හෝ අවසන් තීන්දුවක් ගෙන නැතැයි චමල් මෛත්‍රීට දැනුම් දෙයි..!

“දෙරණ” රූපවාහිනියේ දිලිත් ජයවීර හෙළිදරව් වෙයි..! මාධ්‍යවේදී අජන්ත කුමාර “ඉරිදා ලංකාදීප”ය නොමඟ යවලා..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්…
“දෙරණ” රූපවාහිනියේ දිලිත් ජයවීර හෙළිදරව් වෙයි..!
මාධ්‍යවේදී අජන්ත කුමාර “ඉරිදා ලංකාදීප”ය නොමඟ යවලා..!

(සුජිත් මංගල ද සිල්වා)
දැන්වීම
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සිය පවුල හෝ එම පෙරමුණ නිල සහ අවසන් තීන්දුවක් ගෙන නොමැති බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් ජනාධිපතිවරයා වෙත මේ බව දැනුම් දී තිබෙන්නේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම පවුල නිල වශයෙන් තීරණය කළ බවට “ඉරිදා ලංකාදීප”, “ඉරිදා මව්බිම”, “ඉරිදා දිවයින” සහ “ඉරිදා අරුණ” ඇතුළු සති අන්ත පුවත්පත් ගණනාවක් පළ කර තිබූ වාර්තා හේතුවෙන් උද්ගත වූ දේශපාලන වාතාවරණය සහ එම තත්ත්වය හේතුවෙන් ගොඩනැගෙමින් පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සන්ධානයට එල්ල විය හැකි බාධා මතය.
මේ ප්‍රවෘත්තිය “ඉරිදා ලංකාදීප” ඇතුළු සති අන්ත පුවත්පත්වලට ලබාදී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු වන “දෙරණ” රුපවාහිනී නාළිකාවේ අයිතිකරු වන දිලිත් ජයවීර මහතාය.
“දෙරණ” ආයතනය මගින් මෑතකදී සිට ප්‍රකාශයට පත් කෙරෙන “ඉරිදා අරුණ” පුවත්පතේ අයිතිකරු ලෙස ජන සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ ද දිලිත් ජයවීර මහතාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් “lankanewsweek” සිදු කළ අභ්‍යන්තර කරුණු විමර්ශනයේදී හෙළි වූයේ බ්‍රහස්පතින්දා (14) රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට වගේම බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මතවරුන්ට ද දැනුම් දී තිබෙන්නේ උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය සහ තරඟකාරීත්වය හමුවේ සියලු දෙනාම ජනපති අපේක්ෂකත්වය සඳහා සුදානම් ශරීරයෙන් වැඩ කළ යුතු බවය.
එවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න මොහොත වන විට සියලු දෙනාගේම විශ්වාසය සහ සහයෝගය දිනා ගෙන ජනතාව අතර ජනප්‍රියව සිටින පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි යැයි ද ඔහු එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” වෙත පැවසුවේ ඒ මොහොත වන විට සියල්ලට විකල්පයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම වුණත් යෝජනාවීමට ඉඩකඩ ඇති බවය.
එසේ වුණොත් ඔහුගේ නම පවා ස්ථිර වනුයේ ද ඔහු ඒ වන විට සියලු දෙනාගේ විශ්වාසය සහ සහයෝගය දිනා ගෙන ජනතාව අතර ජනප්‍රියව සිටිය හොත් පමණක් බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ ප්‍රවෘත්තිය “ඉරිදා ලංකාදීප” පුවත්පතට වාර්තා කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු එම පවුලේ අන්තේවාසිකයෙකු වන “ලංකාදීප” පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ එහෙයියෙක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතවතෙකු ලෙස මවා පාමින් මහින්ද රාජපක්ෂලාට කත් අදින අජන්ත කුමාර අගලකඩ මහතාය.
