ගෝඨා කැස්බෑවේදී-සජිත් මැද කොළඹදී-අනුර මහරගම දී අවසන් ජන රැළිය අමතයි.

ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන බදාදා(13) දිනයේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය…
ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වෙන්වී ඇති අවසන් දිනය වන බදාදා(13) දිනයේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජන රැළි රැසකට සහභාගී වීමට කටයුතු සූදානම් කර ඇත.
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බදාදා(13), තිස්සමහාරාම, මාතර, ගාල්ල, කලුතර සහ හෝමාගම යන නගර වල ජන රැළි ඇමතීමට නියමිත අතර ඔහු සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදී ය.
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා බදාදා(13) මොණරාගල, හම්බන්තොට, වැලිගම, ගාල්ල, කලුතර යන නගර වල පැවැත්වෙන ජනරැළි ඇමතීමට නියමිත අතර ඔහු සහභාගී වන අවසන් මහා රැළිය මරදාන ටවර් රඟහල අසලදී පැවැත්වෙන බවය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසන ලදි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සිය ජන රැළි මාලාවේ අවසන් මහා රැළිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් බදාදා(13) මහරගමදී පැවැත්වීමට නියමිත බවයි. තවද ඒ මහතා සිය ඡන්ද ව්‍යාපාරය ඉතා සාර්ථක ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වූ බව ප්‍රකාශ කළේය.