අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාභය රාජපක්ෂත් විශේෂ මහාධිකරණයට..!

බැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධන හත් දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද (24) පස්වරුවේ නඩු පවරනු ලැබී ය. නීතිපතිවරයා මෙසේ නඩු පවරනු ලැබුවේ තංගල්ල…

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධන හත් දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද (24) පස්වරුවේ නඩු පවරනු ලැබී ය.

නීතිපතිවරයා මෙසේ නඩු පවරනු ලැබුවේ තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරමින් වන අතර මේ  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරූ දෙවන නඩුව වෙයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින්  විමර්ශන කර ඉදිරිපත් කෙරුණු  වාර්තා සලකා බැලූ නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී බද්‍රා උදුලාවතී කමලදාස ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව නඩු පවරා තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාභය රාජපක්ෂත් විශේෂ මහාධිකරණයට..! | Lanka Newsweek