අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ නොහැකියාව වසන් කර ඔහු ජනපති කළේ ජනමාධ්‍යයි

ගෝඨාගේ නොහැකියාව වසන් කර ඔහු ජනපති කළේ ජනමාධ්‍යයි

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොහැකියාව එදා ජනතාවගෙන් වසන් කර ඔහු මේ රටේ ජනාධිපති කර වූයේ රටේ බහුතරයක් ජනමාධ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර…

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොහැකියාව එදා ජනතාවගෙන් වසන් කර ඔහු මේ රටේ ජනාධිපති කර වූයේ රටේ බහුතරයක් ජනමාධ්‍ය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.

රටේ ආර්ථිකය ගැන ජනමාධ්‍යවේදීන් එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ, "සිරස" ලක්ෂපති වැඩ සටහනේ "LIFE LINE" එක වගේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් "LIFE LINE" එකක් ඉල්ලා ගෙන යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිහිපත් කර සිටියි. 

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව කියා සිටී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

දැන්වීම

"ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ජනාධිපති අපේක්ෂකයා වුණාට පස්සේ ජාතික සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් කැඳවා ලොකු පුවත්පත් සාකච්ඡාවක් පැවැත් වුවා. අවසානයේ එම ජනමාධ්‍යවේදීන් ජාතික-ජාත්‍යන්තර ආර්ථිකය සහ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීම සඳහා ඔහුට තිබෙන දැක්ම සේම වැඩ පිළිවෙළ ගැන ඔහුගෙන් සරල ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. උත්තර දුන්නද..? නැහැ. කට උත්තර නැති වුණා. අවසානයේ "සිරස" ලක්ෂපති වැඩ සටහනේ "LIFE LINE" එක වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට උත්තර ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගෙන් "LIFE LINE" එකක් ඉල්ලුවා. රටේ ආර්ථිකය ගැන සහ රට ගොඩනගන ආකාරයට අදාළ ප්‍රශ්නයකට උත්තර දෙන්න නොහැකි නම් රටක් පාලනය ජනතාව රැක ගන්නේ කෙසේද..? අපේ ජනමාධ්‍ය එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ නොහැකියාව වැහුවා. අති බහුතරයක් ජනමාධ්‍ය ඒ නොහැකියාව ජනතාවගෙන් වසන් කළා. කිසිදු හැකියාවක් නොමැති නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා ඔහු රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා. ජනමාධ්‍ය මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. විදේශ රටක ජනාධිපති අපේක්ෂකයෙකු මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් ඔහු පරාදයි. ඒ මන්ද ඒ රටවල ජනමාධ්‍ය ඒ අපේක්ෂකයාගේ ඇත්ත තත්ත්වය ජනතාවට කියනවා." 

ගෝඨාගේ නොහැකියාව වසන් කර ඔහු ජනපති කළේ ජනමාධ්‍යයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ නොහැකියාව වසන් කර ඔහු ජනපති කළේ ජනමාධ්‍යයි | Lanka Newsweek