ගෝඨාගේ ජනපති සිහිනය බොඳ වන ලකුණු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

ඇමරිකානු පුරවැසිකම අතහැරීමට රට පාවා දෙන්න සිදු වෙයි..? ඒකාබද්ධය පුපුරයි..! මහින්දගේ දෙකොණ ගිනි ගනී..! තීරණාත්මක රැස්වීමක් කැඳවලා..! (සුජිත් මංගල ද සිල්වා) සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස…
ඇමරිකානු පුරවැසිකම අතහැරීමට රට පාවා දෙන්න සිදු වෙයි..?
ඒකාබද්ධය පුපුරයි..!
මහින්දගේ දෙකොණ ගිනි ගනී..!
තීරණාත්මක රැස්වීමක් කැඳවලා..!
(සුජිත් මංගල ද සිල්වා)
සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයදුම් පත්‍රය සම්බන්ධයෙන් ක්‍රියා කරමින් ඔහුගේ පුරවැසිභාවය අවලංගු කර ඔහු නිදහස් කිරීමට අදාළ කටයුතු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වන තුරුත් ආරම්භ කර නැතැයි විදේශීය තානාපති අංශ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ඊට හේතු වී තිබෙන්නේ පුරවැසිභාවය ලබා ගැනීමට ලෝකයේ අපහසුම රට ඇමරිකා එක්සත් ජනපදය වන තත්ත්වය හමුවේ, එම රටේ පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට යම් පුද්ගලයකු ඉල්ලා සිටින්නේ නම් එසේ කරන්නේ සිය රාජ්‍යට හානියක් සිදු කිරීමට ද යන සැකය මත ඇමරිකාව ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන අතර ඒ සඳහා විශාල කාලයක් ගතවීම යැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
යම් පුද්ගලයකු සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කර දෙන ලෙසට ඉල්ලා සිටින්නේ ඔහුගේ රටේ රාජ්‍ය නායකත්වයට තරඟ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකමක් සපුරාලීමට නම් මෙම ක්‍රියාවලිය වඩාත් බරපතළ සහ සංකීර්ණ වනු ඇතැයි විදේශීය තානාපති අංශ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.
එවැනි වාතාවරණයකදී එම පුද්ගලයා ඔහුගේ රටේ රාජ්‍ය නායකයා වීම සම්බන්ධයෙන් ඒ රට නියෝජනය කරන කලාපයේ ප්‍රබල රටවල දේශපාලන මතය ද,ඔහුගේ රටේ ජනාවගේ මතය ද, ඔහුගේ දේශපාලන ප්‍රතිපත්තිය සහ ස්ථාවරය ඇමරිකාවට බලපාන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද, ඇමරිකානු රාජ්‍ය ඉතා ගැඹුරින් කරුණු සලකා බැලීමය යැයි ද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය හමුවේ අදාළ පුද්ගලයා ඔහුගේ රටේ රාජ්‍ය නායකත්වය සඳහා තරඟ කිරීමට අවශ්‍ය සුදුසුකමක් සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කිරීමට නම් ඇමරිකාව ඊට අදාළව ඔහු සමග යම් යම් එකඟතා සහ කොන්දේසිවලට පවා පැමිණීමට ඉඩ තිබෙන බව ද එම තානාපති අංශ නිලධාරියා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර කලාපීය රාජ්‍යයක රාජ්‍ය නායකත්වයට හමුදා නායකයකු හෝ අමරරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඉන්දියාවෙන් කසිදු සහයෝගයක් නොලැබෙනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට බැසිල් රාජපක්ෂ පාර්ශවයේ දැඩි විරෝධය මේ වන විට එල්ල වෙමින් පවතියි.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලබා නොදුන්නොත් සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය සහය දුන්නොත් ඊට එරෙහිව දැඩි දේශපාලන තීරණයක් ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය තීරණය කර තිබේ.
බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ස්ථාවරය වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට යළි ඉදිරිපත්වීමට නොහැකි නිසා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමට ඉඩ හැර අගමැති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාකර දිය යුතු බවය.
මේ අතර ජනාධිපති අපේක්ෂකයා සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කර ගෙන ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් ද හෙට (24) සවස කැඳවා තිබේ.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසි භාවය අවලංගු නොකෙරුණොත් සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙරුණොත් ඒකාබද්ධ විපක්ෂයට 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඊට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට බැසිල් රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය සහ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය වගේම 2020 ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂ මහතාට තරඟ කළ නොහැකි තත්ත්වයක් තිබීම යැයි ද එම විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දුන්හ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3