අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!

(සුජිත් මංගල ද සිල්වා ) ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් අද(17) කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

(සුජිත් මංගල ද සිල්වා )

 ඇවන්ගාඩ් සිද්ධිය  සම්බන්ධයෙන් තමා  ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් අද(17)  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අදාළ නඩුව 2018 පෙබරවාරි 16 වැනිදා විභාගයට ගැනීමට ද තීන්දු කළේය.

 ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන විත්තිකරුවන්ට එරෙහි නඩුව පෙබරවාරි මාසයේ සිට විභාග කෙරේ.තමා නිවැරදිද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ලේඛන ඇතොත් ඒ සියල්ල අධිකරණයට භාර දෙන ලෙසට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි | Lanka Newsweek