අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ ඉඩම් කොල්ලයෙන් කාර්මාර්ට් සමාගමත් වැසේ.

ගෝඨාගේ ඉඩම් කොල්ලයෙන් කාර්මාර්ට් සමාගමත් වැසේ.

(රංජිත් ගුණවර්ධන) කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ දුම්රිය පටුමගේ අංක 6 දරණ ස්ථානයේ පිහිටි පර්චස් 15.2 ඉඩම හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් මත 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත…

(රංජිත් ගුණවර්ධන)

 

කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ දුම්රිය පටුමගේ අංක 6 දරණ ස්ථානයේ පිහිටි පර්චස් 15.2 ඉඩම හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම් මත 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා එම ස්ථානයේ පවත්වාගෙන ගිය යුරෝ කාර්මාර්ට් පුද්ගලික සමාගම වසා දැමීමට සිදුවීමෙන් තමාට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව එහි හිමිකරු ගාමිණි වික‍්‍රමරත්න මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ගාමිණි වික‍්‍රමරත්න මහතාට අදාල ඉඩම 99 වසරක බදු පදනම මත හිමි වී ඇත්තේ 1992-01-30 දිනැති අංක 18 දරණ බදු ගිවිසුම මගිනි.

අදාළ ව්‍යපාරය පවත්වාගෙන ගිය පරිශ‍්‍රයට අයත් පර්චස් 15.2 ක ඉඩම කොම්පඤ්ඤ විදීය ප‍්‍රතිසංවිධාන ව්‍යාපෘතිය සදහා පවරාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ 2012-12-06 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මගිනි.

අදාළ ඉඩම බලහත්කාරයෙන් පවරා ගැනීම පිළිබද ව කළ විමසීමකදී ගාමිනී වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේ 2013-08-13 දින හමුදා නිල ඇදුමින් සැරසුණු නාදුනන පුද්ගයන් සිව්දෙනෙකු හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් බව පවසමින් තමා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් රැගෙන  ගොස් එම අධිකාරියේ 6 වන මහලේ කාමරයක රදවා ගනිමින් තමාගේ හිසට පිස්තෝලයක් එල්ල කොට ඔවුන් පවසන කරුණු හිස් කොලයක් මත සටහන් කරන ලෙස කියමින්  එම ඉඩම් පරිශ‍්‍රය සිය කැමැත්තෙන්ම භාර දෙන බවටත් වැඩිපුර වන්දියක්අපේක්ෂා නොකරන බවටත් කිසිදු අධිකරණයක් හමුවේ එම සිද්ධිය අභියෝගයකට ලක් නොකරන බවටත් සදහන් කරන්නැයි තර්ජනය කරමින්  තමාගේ අත්සන ලබාගත් බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ගෝඨාගේ ඉඩම් කොල්ලයෙන් කාර්මාර්ට් සමාගමත් වැසේ. | Lanka Newsweek